බුදුරුව මුද්‍රණය කල අත්පිස්නා ප‍්‍රංශයේ

මේ බුදුන් වහන්සේට කරන ලද පළමු අගෞරවය නොව බටහිරයන් විසින් කරන ලද අලූත්ම අගෞරවයයි.

බුදුන් වහන්සේගේ රුව හතර වරක් මුද්‍රණය කර හතරට නවන ලද මේ කඩදාසි අත්පිස්නාව අලෙවියට තබා ඇත්තේ ප‍්‍රංශයේ ලිඞ්ල් සුපිරි වෙළෙඳ සල්වලය. අත් පිස්නා නිෂ්පාදනය කර ඇත්තේ ජර්මනියේය. වෙළෙඳ නාමය ලෙස
පැකැට්ටුවේ යොදා ඇත්තේ හාර්ට් ඔෆ්
ඒෂියාය බුදුන් වහන්සේගේ රුවින් අත පිසදා මුව පිසදා කසළ බඳුනට දැමීමට සලස්වා ඇත්තේ මේ ආසියාවේ හදවත බව දැන දැනම උන්වහන්සේට නිග‍්‍රහ කිරීමටය.

වෙනත් රටවල බෞද්ධයන්ද ප‍්‍රංශයේ සිටින බව සැබෑය. පැරීසිය මායිමේ ලංකාවේ බෞද්ධ විහාරස්ථාන 4 ක්ම පිහිටුවා තිබේ. ප‍්‍රංශයේ ලංකා තානාපතිවරයා යුනෙස්කෝවේ නිත්‍ය නියෝජිතද වේ. අපේ විහාරස්ථානවල නායක හිමිවරුන්ටද යුනෙස්කෝ නිත්‍ය නියෝජිතටද මෙයට විරෝධය පෑ හැකිය.
රෝහිත මුණසිංහ - ප‍්‍රංශයේ සිට

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්