රොබෝ වේටර්ලා රොබෝ කෝකියෝ ඉන්න අවන්හලක්

පැමිණෙන පාරිභෝගිකයින්ට සුබපතා පිළිගැනීමට, මේසයේ වේටර් වැඩට, සහ ආහාර පිසීමට යන සියලූ කාරණා සඳහා රෝබෝ යන්ත‍්‍ර යොදාගත් මුළුමනින්ම රොබෝකරණය වූ අවන්හලක් පසුගියදා නැගෙනහිර චීනයේ, කුන්සාන් ප‍්‍රදේශයේ විවෘත කර තිබෙනවා.
මෙම අවන්හල විද්‍යා ප‍්‍රබන්ධයක් සැබෑවීමක් ලෙස හඳුන්වන මෙහි හිමිකරු සන්ග් ජුජැන්ග්
මෙම රොබෝ යන්ත‍්‍ර මගින් මානව සම්පත සඳහා වැයකරන මුදල් විශාල වශයෙන් ඉතිරි කර ඇති බව පවසනවා.

රෝබෝ යන්ත‍්‍රයක් සඳහා වැයකර ඇති මුදල ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 8 1/2 ක් පමණ වෙයි. එම මුදල මිනිස් සේවකයෙකු යෙදුවේ නම් ඔහු වෙනුවෙන් වසරකදී වැය කරන මුදල බව පවසන ජුජැන්ග් තමාට කළයුතුව ඇත්තේ හෝටලයේ ආහාර පිසීමේ අමුද්‍රව්‍ය ගෙනවිත් ඇසිරීමත් රොබෝ යන්ත‍්‍ර චාර්ජ් කිරීමත් පමණක් බව කියා තිබෙනවා. පැය 5 ක ෂිෆ්ට් එකක වැඩ සඳහා එක් යන්ත‍්‍රයක් පැය 2 ක් චාර්ජ් කළ යුතු බවද ඔහු පැවසුවා.
මෙම හෝටලයේ ආරක්ෂාවද යන්ත‍්‍ර වෙත පවරා ඇති අතර මුදල් අයකිරීමේදීද යන්ත‍්‍ර භාවිත කරන බවත් පැවසුණා.









Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්