කුරුඳුවත්තේ කෝටි 30ක නිවස හොර ඔප්පුවක් හදා ලියාගෙන

කොළඹ, කුරුඳුවත්ත ගේරගරි පාරේ පිහිටි රුපියල් කෝටි 30ක් වටිනා දෙමහල් නිවසකට ව්‍යාජ තෑගි ඔප්පුවක් සාදා එම නිවසට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළ සොරකම් කරන ලදැයි කියන සිද්ධියකට අදාළ කුරුණෑගල ප‍්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත්
කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්  ගිහාන් පිලපිටිය මහතා කුරුඳුවත්ත පොලිසියට ඊයේ (20* නියෝග කළේය.
නො. 290 කවුඩවත්ත, කුරුණෑගල පදිංචි මොහන්දිරම්ලාගේ ප‍්‍රියන්ජන් අනුර කුමාර නමැත්තා විසින් නො. 25 ගේරගරි පාර, කොළඹ 07 ලිපිනයේ පිහිටි ප‍්‍රමිලා පීරිස් දසනායක යන අයට අයිතිව තිබූ අදාළ දෙමහල් නිවස ව්‍යාජ තෑගි ඔප්පුවක් මගින් ලියාගෙන ඇතැයි කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය සිදු කළේය.
මෙම සිද්ධියට අදාළව පැමිණිල්ල ඉකුත් 16 වැනි දා කුරුඳුවත්ත පොලිසිය වෙත සිදුකර තිබුණේ නො. 6, කර්නල් ජයවර්ධන මාවත, කොල්ලූපිටිය ලිපිනයෙහි පදිංචි ක‍්‍රිස්ටෝපර් අශෝක දසනායක නමැත්තාය.

පැමිණිලිකරු සඳහන් කරන පරිදි ඔහු සිය බිරිඳ වූ ප‍්‍රමිලා පීරිස් දසනායක යන අය සමග වසර 20ක් පුරා කුරුඳුවත්ත ගේරගරි පාරේ නිවසේ පදිංචිව සිටි බවත්, පසුව බිරිඳගේ අසනීප තත්ත්වය සහ අදාළ නිවස අලූත්වැඩියා කිරීම යන හේතු නිසා කොල්ලූපිටියේ පිහිටි නිවසට පදිංචියට ගිය බවත් සඳහන් වේ.

පැමිණිලිකරු සහ ඔහුගේ බිරිඳ කොල්ලූපිටිය නිවසට පදිංචියට යන අවස්ථාවේ දී අදාළ නිවස බලාකියාගැනීම සඳහාිනිමල් ජයවීර’ යන අයට භාරදී ගිය බවත් පසුව ඉකුත් 15 වැනි දා දුරකථන ඇමතුම් ලබා දී ඔහු සෙවූවත් එයට පිළිතුරු නොලැබුණ බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් දක්වා ඇත. ඒ අනුව තමන් වහාම එම නිවසට ගිය අවස්ථාවේ තමා විසින් පත්කරන ලද අය නොව වෙනත් ආරක්ෂක නිලධාරීන් තිදෙනකු සිට තමන්ට නිවසට ඇතුළුවීම තහනම් කර ඇති බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

පසුව තමන් ඉඩම් රෙජිස්ට‍්‍රාර් දෙපාර්තමේන්තුව වෙත ගොස් සොයා බැලීමේ දී අදාළ කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචි මොහන්දිරම්ලාගේ ප‍්‍රියන්ජන් අනුර කුමාර නමැත්තා නමින් තෑගි ඔප්පුවක් ව්‍යාජ ලෙස සකස් කරගෙන ඇති බවට දැනගැනීමට ලැබි ඇතැයි සඳහන් කරමින් පැමිණිලිකරු කුරුඳුවත්ත පොලිසිය වෙත සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් සඳහන් කර තිබිණි.
අදාළ නිවසේ ව්‍යාජ තෑගි ඔප්පුව සැකසීමේ දී (කූට ලේඛන සෑදීම* එයට සාක්ෂි අත්සන් තබා ඇතැයි කියන සහ එම නිවසේ ඒ වන විට රැඳී සිට ඇති නො. 63ඒ, මහබාගේ පාර, රාගම පදිංචි වීරසූරිය ජයවර්ධන සෙම්බකුට්ටි පටබැඳිගේ හිරාන් ක්ලැරන්ස් සිල්වා යන අය සහ එහි ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් තිදෙනකු කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (20* අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව පළමු සැකකරු වූ හිරාන් ක්ලැරන්ස් නමැත්තා හෙට (22* දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අනෙක් සැකකරුවන් තිදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමටත් අධිකරණයෙන් නියෝග නිකුත් වී තිබිණි.
රාගම ප‍්‍රදේශයේ පදිංචි කේ. සුරේෂ් මංජුල ඇන්ටනි, ඒ පැට‍්‍රික් පෙරේරා, ආර්. විමලසිරි යන අය එලෙස ඇප මත මුදා හැරිණි.
මෙහි ප‍්‍රධාන සැකකරු වූ කුරුණෑගල ප‍්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයා විසින් අදාළ ව්‍යාජ තෑගි ඔප්පුවේ පිහිටි ඉඩම සහ දෙමහල් නිවස අංක 2, නෙළුම් මාවත, ශාන්ත ජෝන් වත්ත,රාගම පදිංචි ඇඹුල්දෙණියගේ දොන් ධනසිරි යන අයට බදු ඔප්පුවක් මත බද්දට දී ඇති බවට ද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

ලංකා දණ්ඩනීති  සංග‍්‍රහයේ 440, 433, 444, 369, 454, 457 යන වගන්ති යටතේ මෙම සැකකරුවන් වරදක් සිදුකර ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.මෙම තෑගි ඔප්පුව සකස්කරන ලදැයි කියන නො. 37, බ‍්‍රැන්ඩියාවත්ත පාර, වැල්ලම්පිටිය පදිංචි නීතිඥ චන්දන ජයනාථ අබේවික‍්‍රම මහතා විසින් සඳහන් කර ඇති පරිදි මා මින් පෙර හඳුනන කුරුණෑගල පදිංචි අනුර කුමාර නමැති අය මීට මාස එකහමාරකට පමණ පෙර දිනයක දී අදාළ ඉඩමේ මුල් ඔප්පු පිටපත් තමා වෙත ලබා දී එහි හිමිකාරිය තෑග්ගක් වශයෙන් එය තමාට ලබාදුන් බව පවසා ඇති අතර පසුව ඒවා පරීක්ෂා කර බලා එම ඔප්පුව තෑගි ඔප්පුවක් ලෙස සෑදූ බවට පොලිසියට ප‍්‍රකාශයක් ලබාදී ඇතැයි අධිකරණයේ දී කරුණු අනාවරණය විය.

පසුව එම තෑගි ඔප්පුව සෑදීමෙන් පසු කොළඹ පෞද්ගලික රෝහලක රථගාලක දී අදාළ ඉඩමේ හිමිකාරිය ලෙස පෙනී සිටි ප‍්‍රමිලා දිසානායක යන අයගේ අත්සන් ගෙන තවත් සාක්ෂිකරුවකුගේ ද අත්සන ලබාගෙන තෑගි ඔප්පුව අදාළ පුද්ගලයාට ලබාදුන් බව නීතිඥවරයා සිය ප‍්‍රකාශයෙන් දක්වා ඇත.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත‍්‍රාත්වරයා පළමු සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර අනෙක් සැකකරුවන්ට ඇප නියම කර මෙහි ප‍්‍රධාන සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කුරුඳුවත්ත පොලිසියට නියම කළේය.කුරුඳුවත්ත පොලිසියේ අධිකරණ අංශයේ පො.සැ. (28187* මෙන්ඩිස්, පො.කො. (23072* විජිත, පො.කො. (87172* මදනායක යන නිලධාරීහු අධිකරණයට කරුණු වාර්තා කළහ.
නිමන්ති රණසිංහ

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්