වාරියපොල තිලිනි දැන් ගෙදරින් එලියට බහින්නෙ නැතිලූ
පසුගියදා අන්තර්ජාලය ඔස්සේ ප‍්‍රචලිතවූ තරුණයෙකුට පහරදෙන වීඩියෝවක සිටි වාරියපොළ වෑටිය ගමේ පදිංචිකාරියක වන තිළිණි ඉමල්කා සමාජයේ අපවාදයෙන් මිදීමට දැන් නිවසින් එළියට නොබැස සැ`ගවී කල්ගත කරන බව වාර්තා වනවා. මේ බව හෙළිවූයේ මෙවර සතිඅන්ත පුවත්පතක් මගින් ඇයව සම්බන්ධ කරගැනීමට
දැරූ උත්සාහයේදීය.
හමුවී කථාබස් කරන්නට කිසිදු හැකියාවක් නොලැබූ තැන ඇය දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට එම පුවත්පත ඇගේ මවගේ සහායෙන් හැකියාව ලබා තිබුණා.
විසිහතර හැවිරිදි තරුණියක වූ තිලිනි ඉමල්කා තමන්ගේ කතාව කියා තිබුනේ මෙසේය.
‘අද මේ සිද්ධිය පිළිබඳ හරියට නොදැන මට අන්තර්ජාලය භාවිතා කරගෙන පුදුම විදිහට අවලාද කියනවා. එදා ඒ මනුස්සයා හැසිරුණේ හරි ජරා විදිහට. මමයි මගේ යාළුවෙකුයි කොළම යන්න ආවේ. ඒ මනුස්සයා මගේ දුරකථන අංකය ඉල්ලලා හරිම
ජරා කතා ටිකක් කිව්වා.දුරකථන අංකය නොදුන්නම අසභ්‍ය කතා කියලා ඒක හොයා ගන්න එක සිම්පල් වැඩක් කියමින් ගෑනු ළමයකුට කියන්න බැරි තරම් කතා කිව්වා. පස්සේ අපි කොළඹ යන බස් එකට නැග්ගට පස්සෙත් ජරා කතා කිව්වා. ඉවසන්න බැරිම තැන තමයි මමයි යාළුවයි ගිහින් තදින් කතා කළේ.
එතකොටත් කැත විදිහට කතා කළා. එවෙලේ තමයි මමවත් නොදැන මගේ අත ඉස්සුනේ.. ඒත් කවුරුහරි මේ සිද්ධිය සම්පුර්ණයෙන් නැතුව කොටසක් වීඩියෝ කරලා මුහුණු පොතට දාල තියෙන විදිහෙන් පේන්නේ මම අහිංසකයකුට ගහනව වගේ.’
මෙහිදී මේ පිළිබඳ තිළිණිගේ මව කියා සිටියේ,
මෙම සිදුවීම හේතුවෙන් අද මගේ දියණියගේ ආරක්ෂාව පිළිබඳ දැඩි බියක් ඇති වී තිබෙනවා..ඒ නිසා ගේ ඇතුලෙමයි ඉන්නෙ. මගේ දියණියට පමණක් නොවෙයි සියලූම දියණිවරුන්ට නිදහසේ ගමන් කළ හැකි මතින් මත් වූ සල්ලාලයන්ගෙන් තොර වාරියපොළ නගරයක් බිහි කරන්න කියල මං ඉල්ලා සිටිනවා.’