ලක්ෂ 48 ක බ‍්‍රැන්ඩි බෝතල් කොළඹින් හොරට ගන්න ගිය මැලේසියානු යුවල දැලේ

ව්‍යාජ ක්‍රෙඩිට් කාඞ් උපයෝගී කරගෙන මෙරට තරු පහේ හෝටලයකින් රුපියල් ලක්ෂ 48 ක් පමණ වටිනා බ‍්‍රැන්ඩි බෝතල් පහක් ලබාගත් මැලේසියානු ජාතික යුවළක් රහස් පොලිසිය මගින් ඊයේ (21 වැනිදා* අත්අඩංගුවට ගෙන ඇත.
මෙම යුවළට මේ සඳහා සහාය දුන් ශ‍්‍රී ලාංකිකයකු ද අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිස් කණ්ඩායමක් පිට පළාතකට ගොස් ඇත.

මෙම මැලේසියානු යුවළ මෙසේ ලබාගෙන ඇති එක බ‍්‍රැන්ඩි බෝතලයක මිල රුපියල් 9 ලක්ෂය ඉක්මවන බව රහස් පොලිසිය කියයි.
ලූවිස් 13 යනුවෙන් හැඳින්වෙන මෙම බ‍්‍රැන්ඩි වර්ගය තරු පහේ හෝටල්වල විකුණන අතර මෙම බෝතල් කෝටිපතියන් අතර ජනප‍්‍රිය බවද පොලිස් ප‍්‍රකාශකයෙක් පැවසීය.

මෙම මැලේසියානු යුවළගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්න කරද්දී ඇමරිකාවේ පුද්ගලයන්ගේ ක්‍රෙඩිට් කාඞ්වල දත්ත උපයෝගී කරගෙන මෙම හොර ක්‍රෙඩිට් කාඞ් සාදාගෙන මෙම වංචාව සිදු කර ඇති බව හෙළිවී තිබේ.

ඔවුන් සන්තකයේ තිබූ හොර ක්‍රෙඩිට් කාඞ් 25 ක් රහස් පොලිසිය සොයාගෙන ඇති අතර මොවුන් ඉකුත් 19 දා ශ‍්‍රී ලංකාවට පැමිණ තරු පහේ හෝටල්වලට ගොස් මෙම බ‍්‍රැන්ඩි බෝතල් ලබාගැනීමට සැලසුම් කර ඇත.

නෝමන් පලිහවඩන

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි