ඕස්ටේ‍්‍රලියානු අපාර්ට්මන්ට් එකක සිටි ලාංකික තරුණියගේ අභිරහස් මළ සිරුර කලපුවකින් හමුවෙයි

ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක වාසය කළ අමීෂා රාජපක්ෂ(31) නමැති ශ‍්‍රී ලාංකික තරුණියක පසුගිය අ`ගහරුවාදා අභිරහස් ලෙස මරණයට පත්ව තිබෙනවා. ඇයගේ මළ සිරුර හමුව තිබෙන්නේ නිවසට යාබද කලපුවකිනි.
හැන්දෑවේ 7.30ට පමණ කිරි සහ බටර් රැගෙන ඒමට ග්‍රොසරියකට යන බව පවසා නිවසින් පිටත්වූ ඇය
යළි නිවසට නොපැමිණි නිසා ඇය සමග නිවසේ වාසය කරන පියා සහ වැඩිමල් සොයුරා ඇයව සොයා තිබුණා. පසුව පොලිසිය සමග ඔවුන් එක්ව කළ විමර්ශනයේදී නිවසට යාබදව පිහිටි විශාල කලපුවක එරී තිබුණ ඇගේ මළ සිරුර පසුදා හමුවුණා.
නිවසින් පිටව යද්දී ස්කාෆ් එකක් පැළඳ ගිය ඇයගේ මළ සිරුර හමුවුණ අවස්ථාවේ ස්කාෆ් එක ගෙලෙහි සිරවී එතෙමින් තිබුණා.
අමීෂා රාජපක්ෂ 31 හැවිරිදි අවිවාහක තරුණියකවූ අතර 2009  ඕස්ටේ‍්‍රලියාවට ලංකාවෙන් සංක‍්‍රමණය වූ තොරතුරු තාක්ෂණ උපාධිධාරිනියකි.

ඇයත් සොයුරාත් එරට රැකියාවන්හි නිරතව සිටියේ ඔවුන්ගේ පියාද සමග බටහිර
සිඞ්නි නුවර වෝටර්ෆ්‍රොන්ට් අපාර්ට්මන්ට් නමැති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක වාසය කරමිනි. දැඩි ආරක්ෂාවක් පැවති මෙම නිවාස සංකීර්ණය යාබද පිහිටි මළ සිරුර හමුවූ කලපුව දෙසට කිසිවෙකුට පහසුවෙන් යා නොහැකි බවත් ඒ වෙත යාම බාධා කරමින් විශාල තාප්පයක් පවා බැඳ තිබුණ බවත් කියැවුණා.එසේ තිබියදී ඇය ඒ වෙත ගමන් කිරීම පොලිසියටද දැන් ප‍්‍රහේලිකාවකි.

මෙම කලාපයේ සවිකර ඇති යන්ත‍්‍ර 74 ක් සහිත සීසීටීවී පද්ධතියට හොරා කිසිවෙකුට ඇතුළුවිමට නොහැකි බවද පැවසුණා. සිද්ධිය පිළිබඳ විමර්ශනය කරන පොලිසිය නිවාස සංකීර්ණයේ සීසීටීවී පටිගතවීම් ඔස්සේ විමසා බලද්දී මියගිය අමීෂා රාත‍්‍රී පැය ගණනාවක් තිස්සේ කිසියම් අයෙකු බලාපොරොත්තුවෙන් නිවාස සංකීර්ණයේ ස්ථාන කිහිපයක ඔබ මොබ සැරිසරමින් සිටි බවට දර්ශන වාර්තාවී තිබුණා.නමුත් අවසානවරට ඇය
දක්නට ලැබුණ පටිගතකිරීම් වල ඇයව හමුවුණ අයකු ගැන තොරතුරු තවම හමුවී නැත.

නිවාස සංකීර්ණයේ කාර්ය මණ්ඩලය පැවසුවේ ඇයට එම නිවාස සංකීර්ණයේ යම් යම් ස්ථාන වලට ගමන් කිරීමට ඇක්සස් කාඞ් එකක් උවමනා කරන නමුත් ඇය අවසන් දිනයේ ඔබමොබ සැරිසරමින් සිටියේ අවහිරතාවන් නිසා යයි සිතිය නොහැකි බවයි. මන්ද ඇයට අවශ්‍යතාව තිබුනේ නම් තාවකාලික කාඞ් පත‍්‍රයක් ලබාගැනීමට පහසුව සලසා තිබුණ බවයි. කෙසේ වෙතත් මින් සති දෙකකට පෙර ඇය ස්විමින්ග් පූල් එකේ සහ ජිම් එකේ සාමාජිකත්වයද ලබාගෙන තිබුණ බව ඔවුන් පැවසුවා.
මේ තිදෙන වාසය කරන නිදන කාමර දෙකේ නිවසට සතියට  ඕස්ටේ‍්‍රලියානු ඩොලර් දහසක් ගෙවූ බවද නිවාස සංකීර්ණ නිලධාරීන් කියා තිබුණා.
අමීෂාගේ මරණය සම්බන්ධව  ඕස්ටේ‍්‍රලියානු පොලිසියේ විශේෂ ඒකකයක් පරීක්ෂණ පවත්වන අතර සීසීටීවී දර්ශන තවදුරටත් විමර්ශනය කරමින් සිටිනවා.








Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්