රන්ජන්ට කේන්ති යන්නෙ මොන වෙලාවටද?

ජනප‍්‍රිය නළුවා කිරුළ තවමත් රැඳී තිබෙන්නේ ඔහුගේ අතේය. ඒ තරමටම රන්ජන් රාමනායක රසික මනසට ආකර්ෂනය වී තිබේ. රන්ජන්ගේ සිනහව, සිත් ගන්නා සුළු බව අතරේ ඔහුගේ කේන්තියේ වපසරිය කොතෙක්ද? රතු කට්ට පැනපු තැනදි කතා කරන්නේ ඒ ගැනය.

- කලාකරුවෙක් ලෙස තිරයේදී ආවේගාත්මකව හැසිරෙන සිනමා නළු රන්ජන් රාමනායක අපි දැකලා තියෙනවා. පාර්ලිමේන්තුවේදී දේශපාලන වේදිකාවේදී ආවේගාත්මකව කතා කරන, දේශපාලක රන්ජන් රාමනායක අපි දැකලා තියෙනවා. සැබෑ රන්ජන් රාමනායකත් ඒ වගේ ආවේගාත්මක, කේන්ති යන කෙනෙක්ද?


දර්ශනතලවලදී නම් මට කියන්නේ, මම ඉන්න තැන පාළුවක් නැහැ. බොහෝම හිනාවෙලා ඉන්න පුළුවන් කියලයි. ආතතිය තියෙන අයගෙත් ආතතිය මම ඉන්න කොට නැති වෙනවා කියලයි.

-හැබැයි දේශපාලනයේදී නම් රන්ජන් රාමනායක ටිකක් කේන්තියෙන් කතා කරනවා අපි දැකලා තියෙනවා.

මම තමයි පාර්ලිමේන්තුවට ගිය කලාකරුවන්ගෙන් වැඩියෙන්ම කතා කරලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ සජීවී විකාශය නතර කළෙත් මම ආවේගයෙන් කතා කරන නිසයි කියලා කෙහෙළිය රඹුක්වැල්ල කිව්වා. මම එහෙම කළේ රජ පවුලටවත්, ආණ්ඩුවටවත් කඬේ යන්න නෙවෙයි. ජනතාවට කඬේ යන්න. මැදපෙරදිග සිද්ධවෙන දේවල් ගැන කතා කරද්දී මම ආවේගශීලියි. චිත‍්‍රපටිවල චරිත වලදීත් චරිතයේ හැටියට ආවේගශීලියි. ඒත් සැබෑ ජීවිතයේදී නම් කේන්ති යන්නේ නැහැ.

- ඒ කියන්නේ සැබෑ ජීවිතයේදී ඔබ කේන්ති ගන්නෙම නැද්ද?

උදේ පාන්දර හිනාවෙලා නැගිටලා ඉන්නකොට මට කෝල් එකක් එනවා. ”අනේ අයියේ අපිට ගහනවා. ඒජන්සිකාරයන්ට කියලා මාව ගෙන්න ගන්න”ජ්කියලා. එතකොට මම බොහොම හොඳට ඒජන්සිකාර මහත්තයට කතා කරනවා. එතකොට ප‍්‍රශ්නයට උත්තරයක් නොදී එක එක ඒවා කියන කොට නම් ඔන්න කේන්ති යනවා. ගොඩාක් වෙලාවට මගේ සතුට නැති කරලා තියෙන්නේ මැදපෙරදිග ප‍්‍රශ්න තමයි.

-කලා ක්ෂේත‍්‍රයේදී සහෝදර නළු නිළියන් එක්ක කේන්ති ගිහිල්ලා නැද්ද?

එහෙම ප‍්‍රශ්න ඇතිවෙලාම නැහැ. මොකක් හරි කිව්වත් ඒක විනාඩි ගානයි. ආයිත් අපි යාළුයි. මට වෙලා තියෙන සමහර දේවල් තියෙනවා. මම ඒවාට නම්

හිනා වෙනවා මිසක් කේන්ති ගන්නේ නැහැ. සිංහාවලෝකනය චිත‍්‍රපටයේ මම රඟපෑවා. මට ඒකට ගෙවීමක් කළා. ඒත් චිත‍්‍රපටිය පෙන්නනකොට මම නැහැ. ඒකට අනුග‍්‍රහය දක්වපු සමාගම කියලා තියෙනවා මම ඉන්නවා නම් අනුග‍්‍රහය දෙන්නේ නෑ කියලා. රන්ජන්ව අයින් කරන්න කියලා. ඒකට ඉතිං මට කේන්ති ගියේ නැහැ. අනිත් සියලූ දෙනා ආණ්ඩුවට හිතවාදී ආකල්පයන් දරද්දී මගේ තෝරා ගැනීම වැරදිද දන්නේ නැහැනේ. ඒ ගැන හිතලා මට හිනා ගියා විතරයි. කේන්ති ගියේ නැහැ.

- සිනමා ක්ෂේත‍්‍රයේදී කේන්ති ගියේ නැති වුණාට එක රියෑලිටි වැඩසටහනකදී නම් අපි දැක්කා රන්ජන් රාමනායකට කේන්ති ගිහිල්ලා ඉන්නවා.

සිනමාව කියන්නේ, මේ රටේ තියෙන සුන්දරම තැනක්නේ. ඒක සුන්දරම රස්සාවක්නේ. ලස්සනට ඇඳලා, ලස්සන ගෑනු ළමයි එක්ක හොඳට ගෙවල, තුන්වේල දීලා, වාහන පහසුකම් දීලා තියෙන මේ රස්සාවේදී තරහ යන්න හේතුවක් නැහැනේ. රියෑලිටි වැඩසටහනකදී කේන්ති ගියේ, ගරු කිරීම නිසයි. මොන ප‍්‍රශ්න තිබුණත් මම ජ්‍යෙෂ්ඨත්වයට ගරු කරනවා. ඒක මගේ කුඩා කාලයේ සිටම තියෙන පුරුද්දක්. ඒ රියෑලිටි වැඩසටහනකදී ආධුනික ශිල්පියෙක් ජ්‍යෙෂ්ඨ අයට අපහාස වෙන විදියට කතා කළා. ඒ වෙලාවේදී නම් කේන්ති ගියා.

-ඒ කියන්නේ සිනමා ක්ෂේත‍්‍රයේදී ඔබට තරහාකාරයෝ නැද්ද?

අනේ නැහැ. තරහ ගන්න තරම් බූදලයක් මේකේ නැහැනේ. 2000 ඉඳන් 2013 වෙනකං ජනප‍්‍රිය නළුවා සම්මානය මට හම්බුවෙලා තියෙනවා. සරසවි සම්මාන, ජනතාවගේ සම්මාන, හොඳම නළුවා ආදී සම්මාන ඔක්කොම මට හම්බු වෙලා තියෙනවා.

ක‍්‍රිස්තු චරිතයේ ගෝලයකුගේ චරිතයක් තමයි මම මුලින් ම කළේ. තාම ඒක හොයනවා. හොයා ගන්න බැහැ. ඒ තරම් සුළු චරිතයකින් තමයි මම සිනමාවට ආවේ. එතැන් ඉඳන් ප‍්‍රධාන නළුවා වෙලා අධ්‍යක්ෂවරයෙකුත් වෙලා මට කේන්ති යනවා නම් මම හරි කුහකයිනේ. මම කවදාවත් අපේක්ෂා නොකළ දෙයක් තමයි මට මේ ලැබිලා තියෙන්නේ. කෝප වීමට ගෙවිය යුතු අධික මිල කියලා දෙයක් තියෙනවා. ඒක මොකටද මම ගෙවන්නේ. යං ඇන්ග්රි මෑන් කියන චරිතය තමයි අමිතාබ් බච්චන්, බෲෂ්ලි කියන අයත් කළේ. මම ආවේත් ඒ තැනටමයි.

මම ඒ කාලේදීම හොඳ පොත් දෙකක් කියෙව්වා. එකක් තමයි කෝප වීමට ගෙවිය යුතු අධික මිල, ඒකේ කියලා තිබ්බා කෝප වෙලා ස්නායු පද්ධතිය විනාශ වෙන විදිහ. අනික් පොත ඬේල් කානගිගේ පොතක්. බයිබලය හා හිට්ලර්ගේ මයින කෑම්ප් පොතට. පස්සේ වැඩියෙන්ම විකිණිච්ච පොත ඒක. දයා රෝහණ අතුකෝරාළ මහත්මයා පරිවර්තනය කරලා තියෙනවා, සතුටින් දිවි ගෙවෙන මඟ කියලා. මේ ශරීරය,අපේ කෝපයෙන්ම විනාශ කරගන්න විදිහ මේකේ තිබ්බා. මේ දේවල් නිසා මම නම් කෝප ගන්නේම නැහැ.

ඔසිත

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්