වාර්තා වලට යන්නට අකමැතිව සිටි ලොව උසම මිනිසා සමුගනී

ලොව උසම මිනිසා ලෙස සැලකුණු අඩි 8යි අඟල් 5ක් උසකින් යුතු යුකේ‍්‍රන ජාතික ලියොනිඞ් ස්ටැඞ්නියැක් මියගොස් තිබේ. මිය යන විට 44 වියේ පසුවු ඔහුගේ මරණයට හේතුව මොළය අභ්‍යන්තරයේ සිදුව ඇති රුධිර වහනයක් බව වෛද්‍යවරුන් කියයි.
විවාහ යෝජනා කොතෙකුත් පැමිණියත් තමන්ගේ දුක තවත් අයෙකු දැරිය යුතු නැතැයි යන මතයේ සිටිමින් තනිකඩවම
ජීවිතයක් ගතකරමින් ඔහු ඒ සියල්ල ප‍්‍රතික්ෂේප කර ඇත.
ඔහුගේ මෘත ශරීරය තැබීමට වෙනම මිනී පෙට්ටියක් සෑදීමට සිදුව ඇති අතර එය
සාමාන්‍ය මෝටර් රථයකින් ගෙන ආ නොහැකි තරමේ නිසා ඔහුගේ මිතුරන් ඒ සඳහා ලොරියක් යොදාගෙන තිබේ.
හෙතෙම ලොව උසම මිනිසා වුවද සිය නම වාර්තා අතරට එක්කර ගන්නට ඔහු කිසිවිටෙකත් කැමැති වී නැති අතර ගිනස් බලධාරීන් පවසන ආකාරයට ඔවුන් කිහිපවරක්ම ලියොනිඞ් හමුවී ඔහුගේ උස මැන ඔහුව වාර්තා අතරට එක්කරන්ට උත්සාහ කළත් අනවශ්‍ය ප‍්‍රසිද්ධියක්

තමන්ට අවශ්‍ය නැතැයි කියමින් ඔහු එය ප‍්‍රතික්ෂේප කර ඇත.
ලියොනිඞ්ගේ මේ අසාමාන්‍ය උසට හේතුව ඔහු 12 වැනි වියේදී මොළයට සිදුකළ සැත්කමක වූ වරදක් බව කියැවේ. මෙනිසා තමන්ට අවසානයේ ලියොනිඞ්ට වඩා අඟල් කිහිපයකින් මිටි වන චීනයේ බා ඕ ෂිසුන්ග් ලොව උසම මිනිසා යැයි නම් කරන්නට සිදුවූ බව ඔවුන් කියයි.
ලියොනිඞ්ගේ අසල්වාසීන් පවසන්නේ ඔහු ඉතාම කරුණාවන්ත හා පරිත්‍යාගශීලියෙකු බවයි. වෙනත් පුද්ගලයෙකු මෙවැනි උසක් ඇති නම් ඔහු ප‍්‍රසිද්ධිය වෙනුවෙන් කටයුතු කරනු ඇතැයි ද පවසන අසල්වාසීන් තම උස ශාපයක් ලෙස ලියොනිඞ් සැලකු බව ඔවුන් කියයි.
වාර්තා පොත් අතර නම නොතැබූ මේ මිනිසා ඥාතීන් හිතමිත‍්‍රාදීන්ගේ නෙත් කඳුළින් තෙමා ඔහුගේම ගම් ප‍්‍රදේශයේ පොළොවේ වැළලිණ..







Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්