වාරියපොළ පහරදීම අවසන් හෙළිදරව්ව
පසුගිය සතියේ කුරුණෑගල වාරියපොළ නගරයේ බස්නැවතුම්පළක සිද්ධවූ සිදුවීමක වීඩියෝවක් ෆේස්බුක් ඔස්සේ ප‍්‍රචාරයවීමෙන් පසු විශාල කථාබහක් ඇතිවුණා
තරුණියකට උසුළු විසුළු කළ තරුණයෙකුට එම තරුණිය ප‍්‍රසිද්ධියේ බැණ වැදී කණට ගසන මෙම දර්ශනය මිනිත්තු එකහමාරක පමණ එකකි. මෙහිදී තරුණිය බස් නැවතුම්පළක් අසළදී තරුණයාට බැණ වදිමින් අවස්ථා කිහිපයකදී වරින්වර කණට ගසනු පෙන්වන අතර
තරුණයා ගුටිකමින් කිසිවක් නොකියා නිසොල්මනේ සිටිනු පෙනුණා. දෙදෙනා අතර මැද කිසියම් නිල රාජකාරියක යෙදෙමින් සිටින පුද්ගලයෙකුද දක්නට ලැබුණා.
වීඩියෝව අන්තර්ජාලයට නිකුත් කළේ කවුරුදැයි
පැහැදිලි නොවුණත් විවිධ අය විසින් මෙය අන්තර්ජාලයේ හුවමාරු කළ පසු සිද්ධිය ගැන විවිධ කථිකාවන් ගොඩනැගුණා.
ඇත්ත සිද්ධිය ගැන වීඩියෝව සමග විස්තරයක් නිකුත්වූයේ නැති නිසා
ඇතැම් අය කියා සිටියේ මැද සිටින්නේ ඇමති ආරක්ෂකයෙකු බවත් කාන්තාව කිසියම් ප‍්‍රබලයෙකුගේ ඥාතියෙකු හෝ හිතවත්කම් ඇති අයෙකු බවත්ය.
බැලූබැල්මට සිංහල බෞද්ධයෙකු නොවන පෙනුමක් ගත් තරුණයා නිසා මෙම ප‍්‍රශ්නය ජාතිවාදී මුහුණුවරකින් හඳුන්වාදෙන්ටද ඇතැමුන් උත්සාහ කළා. මේ අතර කාන්තා හිංසනයට එරෙහිවූ තරුණිය ‘වාරියපොළ කුමාරිහාමි’ යන නමින් හඳුන්වමින් ඇය කළ ක‍්‍රියාව
අගය කළ අයද සිටියා. තවත් සමහරුන් කිව්වේ වරද පිළිගෙන අසරණව සිටින පිරිමියාට තවතවත් පහරදෙමින් කෑගසන ඇය පහත්පෙළේ අයකු බවයි.
මෙම සිදුවීම විවිධ කෝණවලින් සාකච්ඡා වන අතරේ දින කිහිපයක් යනවිට තරුණිය තරුණයා සහ අතරමැදි පුද්ගලයා ගැන ප‍්‍රබන්ධාත්මක තොරතුරුද එළියට ආවා.
ඒ වනතුරු කිසිවෙකු විසින් හෝ මෙම සිද්ධියේ ඇත්ත කුමක්දැයි සොයා බලා තිබුනේ නැත.
මේ අතරේ ෆේස් බුක් පේජ් කිහිපයක මෙම තිදෙනා කවුරුන්දැයි අර්ධ වශයෙන් හෙළි කර තිබුණත් එම ඇත්ත හෙළිකර තිබුනේ ඒ ගැන ලියූ අය සිද්ධිය දුටු කෝණයෙනි. ඔවුන් මේ අය හඳුන්වාදී තිබුනේ දේශපාලන හෙංචයියන් ගණිකාවන් ආදී වශයෙනි.
අන්තර්ජාලයේ ප‍්‍රචලිතවූ මෙම සිදුවීමේ ඇත්ත සොයන්නට වාරියපොළ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් කටයුතු කර තිබුනේ ඊයේය.
ඒ අනුව මෙම සිද්ධිය වාරියපොළ බස්නැවතුම්පළේ වූවක් ලෙස තහවුරුවූ අතර සිද්ධියට සම්බන්ධ තරුණිය තිලිණි ඉමල්කා හෙවත් මධූ නමැත්තියක බවත් ඇය එදා කොළඹ යන්නට ආ ගමනේදී බීමත්ව සිටි කොල්ලෙකු උසුළු විසුළු කළ නිසා සිද්ධිය හටගත් බවත් කියා තිබුණා.
පහරකෑමට ලක්වූ රොබට්දාසගේ චන්ද්‍රදාස හෙවත් සෙල්වා නමැති තරුණයා කියා තිබුනේ තමා කාන්තාවන් දෙන්නාට අත්පළාගෙන යන්න එපා යනුවෙන් කියූ නමුත් එතරම් දුරදිග යන සිද්ධියක් හටගනිවී යයි නොසිතූ බවකි.
මෙම සිද්ධියේ මැද්දේ සිටියේ වාරියපොළ බස්නැවතුම්පළේ ටයිම් කීපර්වරයෙකු ලෙස සේවය කරන ජයසිංහ නමැත්තෙකි. ඔහු තරුණයා බීමත්ව සිටි නිසා මේදේ සිදුවූ බව කියා සිටි අතරම තරුණිය මිනිත්තු 45 ක් තරම් ඔහුට බණින්නට තරම් එතැන දෙයක් නොවූ බවද කියා සිටියා.
මේ සම්බන්ධව තරුණිය මාධ්‍ය වෙත කියා සිටි අදහස වූයේ
‘එතන වුණ සිද්ධිය එතන හිටපු අය දන්නවා.මම ඊයේ බැලූවා නෙට් එක.මහා කැත විදියට දාලා තියෙනවා.පිරිමි ළමයි ගොඩක් තරහයි ඒ වුන සීන් එකට.එයාල හරියට මොනවද වුනේ කියල දන්නේ නැහැ.කොල්ලෝ ගොඩාක් මාත් එක්ක තරහයි.
එහෙම කියල මට අතක් තියන්නනම් කවුරුත් ඇවිල්ල නැහැ.මොකද නීතිය තදයි.පොලිසි යන්න කියල කිව්වේ. මම ඒ පිරිමි ළමය ගැන හිතල අතඇරලා ආවේ. මම කලම්බු එන්න ආවේ.වීඩියෝ එක බලන හැමෝටම ඒ පිරිමි ළමයා මොන වගේ කෙනෙක්ද කියලා
පේනවා ඇති.ගොඩක් මත්වෙන මත්ද්‍රව්‍යයක් අරගෙන කෙලින් හිටගෙන ඉන්න බැරි තරමට මත් වෙලා හිටපු කෙනෙක් එයා.මට ඒවගේ දෙයක් කරන්න පුළුවන් මගේ ආරක්ෂාව සම්බන්ධයෙන්.
පහරකෑ තරුණයා මාධ්‍යයට කියා සිටියේ,
‘ටවුන් එකට ගියාම ගෑනු ළමයි දෙන්නෙක් හිටියා.අත් දෙක පලාගෙන හිටියේ.මම කිව්වා මෙහෙමයි.අත් දෙක පලාගෙන ඉන්න එපා.ටවුන් එකේ කොල්ලෝ ඉන්නවනේ කියලා.පස්සේ මට ගහද්දි මට තේරුනා මම වැරද්දක් කරේ කියලා.මම සමාව ඉල්ලූවා.සමාව ඉල්ලද්දීත් මට සෙනග මැද ගැහුවා.මම ගැහුවේ නැත්තේ පිරිමියෙක් හින්දා.එයා ගෑණියෙක් හින්දා මම ඉවසුවා.’
සිද්ධියට මැදිවුණ ටයිම් කීපර් ජයසිංහ කියා සිටියේ,
‘ගෑණු ළමය ගහන්න ගියානම් දෙපාරක් තුන්පාරක් ගහලා යන්න ඕන.ගහන්න ගියාම මේක විනාඩි 45 ක් විතර ගැහුවනේ.පව් ඉතින් ඒ මනුස්සයා වැන්දා.ඔච්චර වෙලා ගහ ගහ මොනව කරාද.’
මෙම සිද්ධියට මැදිවූ තිදෙනාටම ජාති ආගම් සම්බන්ධ ගැටලූවක් හෝ දේශපාලන හිතවත්කම් සම්බන්ධයක් නොවුණ බවත් සිද්ධිය සොයාගිය මාධ්‍යවේදීන් වාර්තා කර තිබෙනවා.
මෙය හුදෙක් කොල්ලෙකු විහිළු කිරීම නිසා බැණ වැදුණ කෙල්ලකගේ සිද්ධියක් පමණක් වූ අතර ඒ දෙස වටකර සිටි අය වීඩියෝ කරමින් බලාසිටීමේ උත්තේජනයට කෙල්ල එය දිග්ගස්සා ඇති බවද අවසානයේ නිගමනය වුණා.
සිද්ධියට මුල්වූ අන්තර්ජාලයට එක් කළ වීඩියෝව පහතින්
Watch Video on Swarnavahini News Watch Video on Hiru News