ඇහැලියගොඩ සන්ධාන මන්ත‍්‍රි කඩුවකුත් අරන් සභාවට
ඇහැලියගොඩ ප‍්‍රාදේශීය සභාවේ ටෙන්ඩර් කමිටු රැස්වීමේදී ටෙන්ඩර් පත‍්‍රිකාවක් උදුරාගෙන ගිය මන්ත‍්‍රිවරයකු පසුව කඩුවක් රැගෙන සභා කාර්යාලයට පැමිණ පිරිස බිය ගන්වා මන්ත‍්‍රිවරුන්ට පහරදීමට ගත් උත්සාහයක් පිළිබඳව ඇහැලියගොඩ පොලිසියෙන් වාර්තා වේ.
සෙනසුරාදා (23දා* පෙරවරුවේ පැවැති මෙම රැස්වීම සඳහා සභාපතිවරයා පැමිණ නොසිටි අතර උප සභාපතිවරයාද
පැමිණ නැත. එහිදී මන්ත‍්‍රි ආර්. ධනරත්න මහතා (එ.ජ.නි.ස.* කරුණු ඉදිරිපත්කොට ටෙන්ඩර් කැඳවා ඇති කර්මාන්ත මේ වනවිට ටෙන්ඩර්කරුවන්ට භාරදී ගිවිසුම් අස්සන්කර ඇති නිසා එම ටෙන්ඩර් විවෘත නොකරන ලෙස ඉල්ලීමක් කර ඇත. එය නොසලකා ටෙන්ඩරය විවෘත කිරීමට කමිටුව සූදානම් වූ විට ධනරත්න මන්ත‍්‍රිවරයා එය උදුරාගත් බවත්, එහි කොටසක් ඔහු අතට ගිය අතර ඉතිරි කොටස තමා අත රැඳුණු බවත් මන්ත‍්‍රි රත්නපාල සෙනරත් (එ.ජා.ප.* මහතා කීය. ඉන්පසුව ධනරත්න මන්ත‍්‍රිවරයා කඩුවක් රැගෙන සභා කාර්යාලයට පැමිණ මේ සභාවේ තරම් වංචා-දූෂණ-ටෙන්ඩර් මගඩි කොහේවත් නැතැයි පවසා ටෙන්ඩර් කමිටුව රැස්වූ ස්ථානයට ගොස් තමාට කඩුවක් ඔසවා පහරදීමට
උත්සාහ කළ විට එය වළක්වා තත්ත්වය සන්සුන් කළ බවද රත්නපාල මන්ත‍්‍රිවරයා කීය.
මේ පිළිබඳව ධනරත්න මන්ත‍්‍රිවරයාගෙන් විමසීමේදී ඔහු ප‍්‍රකාශ කළේ ”නව නගර නිර්මාණයට සමගාමීව සිදුකෙරෙන කර්මාන්ත සඳහා ටෙන්ඩර් කැඳවීම කරනුයේ අවශ්‍ය අයට ඒවා භාරදීමෙන් පසුව බවත්, නව නගර සංවර්ධන වැඩවලදී සිදුවන ගසාකෑම්වලට එරෙහිව තමා කතා කළ බවත්ය. මෙම දූෂිත ටෙන්ඩර් ක‍්‍රමය ගැන තමන් ප‍්‍රාදේශීය ලේකම්වරයාට පැමිණිලි කළ බවද ලංකාවේ දූෂිතම සභාව ඇහැලියගොඩ බවද ධනරත්න මන්ත‍්‍රිවරයා කීය.
ටෙන්ඩර් කමිටුවෙන් එළියට එන විට රජයේම ආධාරකරුවන් කීප දෙනකු තමාට පහරදීමට උත්සාහ කළ නිසා ඉන් බේරීමට වටපිට බලන විට සභා කාර්යාලයේ තිබූ වක් පිහියක් අතට ගත්තා මිස කඩුවක් පරිහරණය නොකළ බවද ධනරත්න මහතා කීය.
මෙදින අසනීපයකට ප‍්‍රතිකාර ලබා ගැනීමට වෛද්‍යවරයකු හමුවට ගොස් සිටි සභාපති සරත් සන්දනායක මහතා පැවැසුවේ මෙය බරපතළ වැරැදි ක‍්‍රියාවක් බවත්, ඕනෑම ප‍්‍රශ්නයක් සාකච්ඡා කර විසදාගත හැකිව තිබියදී මන්ත‍්‍රිවරයා ගත් ක‍්‍රියාමාර්ගය තමා අනුමත නොකරන බවත්ය.
මේ පිළිබඳ ඇහැලියගොඩ පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇති බවද සභාපතිවරයා එහිදී කියා සිටියේය. ධනරත්න මන්ත‍්‍රිවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.