තරු හතරේ ඞීසල් වර්ගයක් අද සිට

‘ලංකා සුපර් ඞීසල් ෆෝ ස්ටාර්‘ නමින් පරිසර හිතකාමී නව ඞීසල් වර්ගයක් අද (22දා* සිට වෙළෙඳපොළට නිකුත් කෙරෙන බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය සඳහන් කරයි. අඩු සල්ෆර් ප‍්‍රමාණයක් තිබෙන මේ ඞීසල් වර්ගය ප‍්‍රමිතියෙන් උසස් වන අතර ආසියා වෙළෙඳපොළහි ඉතා සුලබ ඉන්ධන වර්ගයක් වන හෙයින් මෙහි අඛණ්ඩ සැපයුම් පිළිබඳ සැකයක් පැන නොනඟින බව ඛනිජ තෙල් අමාත්‍ය

අනුර ප‍්‍රියදර්ශන
යාපා මහතා පවසයි.
ඒ මහතා මේ බව ප‍්‍රකාශ කෙළේ නව ඞීසල් වර්ග හඳුන්වා දෙමින් ඊයේ (21දා* පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

මේ සුපිරි ඞීසල් භාවිත කිරීමෙන් වාහනයේ එන්ජිමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවෙන අතර අඩු සල්ෆර් ධාරිතාවක් පරිසරයට මුදා හැරෙන නිසා පරිසරයද ආරක්ෂා වන බව අමාත්‍යවරයා සඳහන් කෙළේය.

තත්ත්වය කෙතරම් උසස් වුවද ඉන්ධන මිල ඉහළ දැමීමේ අදහසක් නොමැති බව පැවැසූ ප‍්‍රියදර්ශන මහතා අද (22දා* සිට ලංකාවේ ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් මඟින් අලූතින් හඳුන්වාදෙන ඉන්ධන වර්ගය ලබා ගත හැකි බවද අමාත්‍යවරයා පැවැසීය.
රෂිනි මෙන්ඩිස්

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි