අනතුරට ලක් වූ පුන්සරා රෝහලේදී ශිෂ්‍යත්වය ලියූ හැටි

දඹුල්ල ඉනාමළුව හන්දිය අසල ඊයේ සිදු වූ රිය අනතුරින් තුවාල ලබා දඹුල්ල රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි සඳලි පුන්සරා (10* දැරියට ඊයේ පැවැති පස්වැනි වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට විභාග කොමසාරිස්වරයාගේ උපදෙස් මත දඹුල්ල රෝහලේදී
පහසුකම් සැපයූ බව රෝහල් අධ්‍යක්ෂ දුමින්ද ඩයස් මහතා පැවසීය.
විභාග අධීක්ෂණ නිලධාරීන්ගේත්, දඹුල්ල පොලිස් නිලධාරීන්ගේත් ආරක්ෂාව යටතේ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත දැරියට පෙ.ව. 11.50 සිට විභාගයට පිළිතුරු සැපයීමට සුදුසු කාමරයක් වාට්ටුව තුළ සකස් කරදුන් බවත් මාධ්‍ය ආයතනවල සම්බන්ධීකරණයෙන් විභාග කොමසාරිස් පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත අදාළ විභාගයට සිසුවිය පෙනී සිටි බවත් වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.

එම දැරියගේ පියා රිය අනතුරකින් මියගොස් ඇති අතර මව මීට වසර අටකට පෙර වෙනත් විවාහයක් සිදුකරගෙන ඇත. දැරිය අත්තම්මා හා සීයාගේ

රැකවරණය යටතේ වැලිහේන පාසලේ ඉගෙනුම ලබයි. ඉනාමළුව විභාග මධ්‍යස්ථානයට යමින් සිටියදී ඇය අනතුරට මුහුණපෑවාය.

සීගිරිය - සරත් එරමිණිගම්මන

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්