බොන සැමියා ඇඳේ ගැටගසා පුළුස්සපු බිරිය

තම සැමියා බීමත්ව පැමිණ දිනපතාම කරදර කිරීම නිසා මානසික පීඩනයකින් සිිටි බිරිඳක් සිය සැමියා නිදියහනේ නිදා සිටි අවස්ථාවේ ගිනි තබා පුළුස්සා ඇත.
පිළිස්සුම් තුවාල ලැබූ අය මාතර රෝහලට ඇතුළත් කර තිබේ.(21 දා)
අලූයම් කාලයේ මාතර රාස්සදෙණිය කහවත්ත
ප‍්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාවක් විසින් සිය සැමියගේ සිරුරට මෙලෙස ගිනි තබා තිබේ.
සිද්ධිය වූ දින නිවසට පිටුපසින් බාහිරව තිබෙන කොටසක රාත‍්‍රි නිදාගත් බවත්, කෑගසන ශබ්දයක් ඇසී බලනවිට පියා බිම වැටී කෑගසමින් සිටි බවත් පසුව වතුර දමා සෝදා පියාව රෝහල වෙත රැගෙනගිය බවත් කියමින් පිළිස්සුම් තුවාල ලැබූ අයගේ පුත‍්‍රයකු පොලිසියට පැමිණිලි කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මාතර මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්කු සහ කැකනදුර - ගයාන් දර්ශන

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්