හොරෙන් පතල හාරද්දී ගලක් කඩා වැටී බරපතලයි

නෝර්වුඞ් පොලිස්වසමට අයත් ප්‍රෝටී‍්‍ර වතුයායේ අනවසරයෙන් පතලක් තුල මැණික් ගරමින් සිටි වතු කම්කරුවන් දෙදෙනෙකු මතට විශාල ගලක් කඩාවැටීමෙන් එම වතු කම්කරුවන්දෙදෙනා
පතලකට යටවී තිබෙනවා. අද අළුයම 3.30 ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවයි නෝර්වුඞ්
පොලීසිය පවසන්නේ. ඒ අසල තවත් අනවසරයෙන් මැණික් ගැරූ පිරිසක් විසින් පතලට යටවූ දෙදෙනා ගොඩගෙන දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව ඔවුන්දෙදෙනාගේ තත්වයබරපතල නිසා ඔවුන් මහනුවර ශීක්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා. මෙම මැණික් ගැරීමට සම්බන්ධ එක් අයෙකු නෝර්වුඞ් පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අනවසර මැණික් ගැරූ ස්ථානය වතු කම්කරුවන්ගේද සහයෝගය ඇතුව වසාදැමීමට පියවර ගන්නා බවයි නෝර්වුඞ් පොලීසිය පවසන්නේ.
හැටන් රංජිත් රාජපක්ෂ











Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්