ඡන්ද කොමසාරිස් නීති කඩන අපේක්ෂකයන්ගේ පොටෝ ගන්නවලූ

ඌව පළාත් සභා මැතිවරණයේ නීති විරෝධී ප‍්‍රචාරණ කටයුතුවල නිරත සියලූ අපේක්ෂකයන්ගේ තොරතුරු අදාළ ඡායාරූපයත් සමග පක්ෂ ලේකම්වරුන්ට යැවීමට කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා රිවිරට පැවසීය.තමන් ඊයේ (24* දින මැතිවරණය පැවැත්වෙන බදුල්ල,
මහියංගණය, වැල්ලවාය, තණමල්විල යන ප‍්‍රදේශවල සිදුකළ සංචාරවලදී සියලූ පක්ෂවල අපේක්ෂකයින් මැතිවරණ
නීති උල්ලංඝනය කළ අයුරු සියැසින් දුටු බවද හෙතෙම සඳහන් කළේය.

අදාළ නීති විරෝධී ප‍්‍රචාරණ කටයුතු ක්ෂණිකව ක‍්‍රියාත්මක වන පරිදි නතර කරන ලෙස තමන් පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කළ බවද දේශප‍්‍රිය මහතා සඳහන් කළේය. මැතිවරණ නීති
උල්ලංඝනය කරන සියලූ අපේක්ෂකයන්ගේ තොරතුරු ඇතුළත් ලැයිස්තුවක් සකස් කරමින් තිබෙන අතර මැතිවරණ කාලය තුළ අදාළ අපේක්ෂකයන්ට අගතියක් වීමට බොහෝ දුරට ඉඩ ඇති බැවින් මැතිවරණයෙන් පසු ඊට එරෙහිව නීති මගින් කටයුතු කරන බවත් ඊට අමතරව සිය පක්ෂ තුළින් අදාළ අපේක්ෂකයන්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අදාළ පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දුන් බවත් කොමසාරිස්වරයා සඳහන් කළේය.

මෙම කටයුතුවල අරමුණ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම විනා අපේක්ෂකයින් පසුපස හඹා ගොස් ඔවුන්ට එරෙහිව දඬුවම් පමුණුවීම නොවන බව ද මහින්ද දේශප‍්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
රුචිර දිලාන් මධුසංඛ

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්