ශ‍්‍රී ලංකාව පකිස්තානය පරදා දෙවන ටෙස්ට් තරගය ජයගනී

අද 5 වැනි දිනයට ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකාව හා පකිස්තානය අතර දෙවන ටෙස්ට් තරගය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා පිළ මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා.
කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැති දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී පරාජයෙන් ගැලවීම සඳහා අසීරු සටනක නිරතව සිටින පාකිස්තානු කණ්ඩායම
අමාරුවේ දැමුවේ රංගන හේරත්ය.

දෙවැනි ඉනිමේදී ලකුණු 46 කට කඩුලූ 4 ක් දවාගනිමින් ඊයේ (17 වැනිදා* සවස ක‍්‍රීඩාව නතර කරන විට පාකිස්තානු ලකුණු පුවරුව කඩුලූ 7 කට 127 ක් ලෙස වෙනස් කළේය.
අද උදෑසන වනවිට තරගයෙන් ජයගැනීම සඳහා පාකිස්තානු පිල ලකුණු 271 ක් ලබාගත යුතු වන හෙයින් ඒ සඳහා තවත් ලකුණු 144 ක් ලබාගත යුතු නමුත් පාකිස්තානුවන් සතුව තිබුනේ කඩුලූ 3 ක් පමණි. ඩුනයිඞ් කාන් තුවාල ලබා සිටි අතර අද ලබාගත යුතුවූ කඩුළු දෙක වෙලගෙදර හා දිල්රුවන් පෙරේරා ලබාගැනීම නිසා තරගය ජයග‍්‍රහණය කළ හැකිවූයේ උදෑසන 11 ට පමණය.
ලකුණු සටහන පහත පරිදිය

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්