ජාතික ශූරී වෙඩික්කාරිය තාරා ඉස්ලාම් කරන්න බල කල ඒජන්ත සැමියා

ඉන්දියාවේ ජාතික මට්ටමේ වෙඩිතැබීම් ඉසව් ශූරියක වන තාරා ශාහ්දෝ නමැති 23 හැවිරිදි තරුණිය බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හරවන්නට තැත්කිරීම නිසා ඇගේ සැමියා අද(27* අත්අඩංගුවට පත්වුණා.
ඉතාම කෙටි කාලයක් තුළ හඳුනාගෙන මොහු සමග විවාහවූ ඇයට විවාහ ආරාධනාවක් කර ඇයව අන්‍යආගමකට හරවා ගැනීම පසුපස කුමන්ත‍්‍රණයක් පැවති බවත් ඇගේ සැමියා ලෙස පෙනීසිටියේ කිසියම් අන්තවාදී කල්ලියක ඒජන්තයෙකු බවත් තාරා පොලිසියට පවසා තිබෙනවා.


පසුගිය අපේ‍්‍රල් මාසයේ තාරාගේ මව වියෝවූ පසුව ඇය දුකින් කාලය ගතකරන කාලයේ ජූනි මාසයේ රංජිත් සිං කෝලි නමැති මෙම පුද්ගලයා ඇයට පුහුණුවීම් අතරවාරයේ හමුවී දැනහඳුනාගෙන ඇත. ඔහුගේද පියා වියෝවූ බව පවසමින් ඔහු ඇය සමග දුක බෙදාගන්නට කතාකරගෙන ඇත. ටික කලකින් තාරා සමග දැඩි ලෙස බැඳුණු රංජිත් අපි ලබන මාසේ කසාද බඳිමු යනුවෙන් ඇයට ඉක්මන් විවාහ යෝජනාවක් කර ඇත.
ඔහු ගැන සොයා බැලීමේදී ඇයට කිසිදු නොගැළපීමක් හඳුනාගන්නට ලැබී නැත. තාරා හින්දු භක්තිකයෙකු වූ අතර රංජිත්ද හින්දු භක්තිකයෙකු බවත් ඔහුගේ නිවසේ හින්දු රූප එල්ලා තිබුණ බවත් ඥාතීන්ද කෝවිල් යන අය බවත් ඇය හඳුනාගෙන තිබුණා.

විවාහය ජූලි 7 වනදා සිදු කරන ලද්දේද හින්දු චාරිත‍්‍ර අනුවයි.

නමුත් විවාහයෙන් පසු ඇයව ඔහු විසින් කැඳවාගෙන ගිය අපාර්ට්මන්ට් එක තුළ ඇය අමුත්තක් දුටුවා. ඔහු සමග රාත‍්‍රී 2 ක් ගත කළ පසුව ජුලි 9 වනදා ඔහු

ඇයට බලකර ඇත්තේ ඉස්ලාම් දහම වැළඳගන්නා ලෙසයි. එයට ඇය අකමැතිවූ විට ඔහු ඇයට පහරදෙමින් හිරිහැර කර තිබුණ අතර පසුව ඇයට එම නිවසින් යන්නට නොදී නිවාස අඩස්සියේ මාසයකට වැඩි කාලයක් තබාගෙන තිබුණා. මේ කාලයේ ඔහු ඇයට අනේකවිධ හිරිහැර කර තිබුණ අතර ඇතැම් අවස්ථාවල ඇයව කාමරයේ තබා දොරගුළු දමා කාමරය තුළට නොනවත්වා

කිසියම් විෂ දුමක් යොමු කර අපහසුතා ඇති කර ඇගේ ආගම් මාරු කිරීමේ කැමැත්ත ගන්නට උත්සාහ කර තිබුණා.
මේ අතරවාරයේ ඔහු හමුවන්නට යම් යම් නාඳුනන පුද්ගලයින් පැමිණ ගිය බවත් ඔවුන් මෙම ක‍්‍රියාව වෙනුවෙන් මොහුට මුදල් වියදම් කරන බවත් ඇය තේරුම් ගත්තා. ඔවුන් විසින් මොහුට ලබාදී ඇති ලැප්ටොප් පරිගණක 10 ක් ටැබ්ලට් පරිගණක රැසක් සහ මුදල් ඇසුරූ පෙට්ටිද ඇය දැක තිබුණා.

මේ උගුලෙන් පැනයන්නේ කවදාදැයි සිහින මවමින් සිටි ඇයට පසුගිය අගොස්තු 19 වනදා ඔහු නිවසින් එලියට යන වේලාවක අවස්ථාවක් ලැබුණා. ඔහු දිල්ලියට ගිය අවස්ථාවේ දොරක් කඩාගෙන ඇය එළියට පැන්නා.
අනතුරුව සිදුවූ සියල්ල පොලිසියට ගොස් විස්තර කරා.

ඇයට බලහත්කාරකම් කළ සැමියා සැ`ගවී සිටියදී අද ඉන්දිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
ඇයව අන්‍යආගමකට හරවා ගැනීම පසුපස කුමන්ත‍්‍රණයක් තිබෙන්නට හැකිද යන්න හා රංජිත් සිං කෝලි නමින් පෙනී සිටි ඇගේ සැමියා ලෙස පෙනීසිටියේ රකිබුල් හසන් කාන් නමැති ඉස්ලාම් ලබ්දිකයෙකු බවත් ඔහු ඇය රැවටීමට වෙනත් නමක් භාවිත කර තිබුණ බවත් වාර්තාවී ඇති අතර ඔහු කිසියම් අන්තවාදී කල්ලියක ඒජන්තයෙකුද යන්න පොලිසිය විමර්ශනය කරනවා.
මෙම සිදුවීම ඉන්දියාවේ ආගම් අතර ගැටලූවක් දක්වා දැන් දුරදිග ගොස් තිබෙනවා.




Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්