රනිල්ගේ අලූත් ෆේස් බුක් පිටුව නැෂනල් ලීඩර්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා නමින් ෆෙස් බුක් පිටුවක් ආරම්භ කිරීම ඊයේ (14 දා) සිරිකොත මන්දිරයේදී සිදුකෙරිණි. ”රනිල් වික‍්‍රමසිංහ නැෂනල් ලීඩර්” නමින් මෙම ෆෙස් බුක් පිටුව ආරම්භ කෙරිණි. එජාප නායකයා එම ෆෙස් බුක් පිටුව
විවෘත කළ අයුරු. මෙම අවස්ථාවට එජාප මහ ලේකම් තිස්ස අත්තනායක, නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය, ජාතික සංවිධායක දයා ගමගේ, බස්නාහිර පළාත් විපක්ෂ නායක මංජු ශ‍්‍රී අරංගල, මහාචාර්ය අෂු මාරසිංහ යන මහත්වරුද සහභාගී වූහ.

පින්තූරය - නිමල් දයාරත්න