මං යන්න කැමති ලොකු ජිප් එකකින්.. මාළු ටැංකි සවිකළ මේස ඇති මුහුදක් වටකරගත් ශාලාවක වෙඩින් එක ගන්නවා.. - ජැක්සන්ගේ පුතු අකිල

ප‍්‍රකට කලාකරු ජැක්සන් ඇන්තනිගේ තණ්හා විරහිත බව හා මිල මුදල් සම්බන්ධ අල්පේච්ඡ ආකල්ප හෙළිකරමින් මින් මාසයකට පමණ පෙර පුවත්පතකට ප‍්‍රකාශ කර සිටියේ තමා රජයෙන් මුදල් ගැසූ කතා බොරු බවත් දරුවන් පවා බස් එකේ යන සාමාන්‍ය ජීවිතයක් ගත කරන බවත් තමා පවුල රකිමින් තමාගේ දරිද්‍රතාව වහගෙන ඉන්න මිනිහෙක් බවත්ය.

පසුගිය හිරු ගෝල්ඩන් සම්මාන උළෙලේ ජනප‍්‍රියම නළුවා වුණ ජැක්සන්ගේ පුතු අකිල ධනුද්දර පුවත්පතකට අදහස් දක්වමින් මෙම ආකල්ප වලට පටහැණි ලෙස කතා කර ඇත.
ඔහු සිහින මවන්නේ කවදා හෝ මාළු ටැංකි සවිකළ මේස ඇති
මුහුදක් වටකරගත් ශාලාවක විවාහ උත්සවය ගන්නටත් ජීප් වර්ගයේ විිශාල වාහනයක ගමන් බිමන් යන්නටත්ය.

තමන්ගේ අනාගත සිහින ගැන රිවිර මියුලැසි අතිරේකයට අකිල හෙළි කර ඇත්තේ පහත කරුණුය.

රැකියාවේ සිහිනය කුමක්ද?
ඉහළම පෙළේ ව්‍යාපාරිකයෙක් වෙන්න තමයි සිහින දකින්නේ

නළුවෙක් හැටියට දකින සිහිනය?
හොඳ රංගන ශිල්පියෙක් වෙන්න තමයි සිහින දකින්නේ. ඒක මගෙ අම්මටයි අප්පච්චිටයි ගෞරව කරන්න අවස්ථාවක්.

බිරිඳ මොනවගේ කෙනෙක් වෙන්න  ඕනද?
මගේ අම්මා වගේ බිරිඳක් වෙන්න  ඕන. මොළේ තියන සුන්දර බිරිඳක් වෙන්න  ඕන.

විවාහ උත්සවය ගන්න හිතාගෙන ඉන්න තැන?
ඒකත්

ලොකු සිහිනයක්. සුපිරි හෝටලයක වීදුරු ටැංකි වගේ මේස හදලා. ඒකට වතුර දාලා මාළු ටැංකි හදනවා. අවට පරිසරය මුහුදක් වගේ හදලා උත්සව ශාලාව සරසන්න තමයි හිතාගෙන ඉන්නෙ. ඒකට විශාල මුදලක් වැය වෙනවා.

නිවස මොනවගේ එකක්ද?
හොඳ සුඛෝපභෝගී නිවසක් වේවි

වාහනය ගැන මොන වගේ සිහිනයක්ද තියෙන්නෙ?
ජීප් ගණයට අයත් වන ලොකු වාහනයක්.

සංචාරය කරන්න සිහින මවන්නෙ?
නවසීලන්තය රෝමය වගේ රටක ඇවිදින්න කැමතියි.

ආගම පැත්තෙන් තියන සිහිනය?
මම කුඩා කල සිට ලොකු ආසාවක් තියනව පන්සලක් හදන්න. පන්සලක් විතරක් හදල හරියන්නෑ කිතුණු පල්ලියකුත් හදනව. ඒකටත් ලොකු සල්ලි කරයෙක් වෙන්න වෙනවා.

සාකච්ඡාව - ඉන්දීවරී පෙරේරා