මෛත‍්‍රී නැති රැස්වීමේදී විමල් ඉතිහාසේ පාවාදීම් ගැන කියයි

මේ අවස්ථාවේ (දහවල් 1.20)මහවැලි කේන්ද්‍රයේ පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට පැමිණ ඇත්තේ ඇමතිවරුන් වන විමල් වීරවංශ, සුසිල් පේ‍්‍රමජයන්ත හා මහාචාර්ය තිස්ස විතාරණයි.
මෙම රැස්වීමේදී කරුණු දක්වන විමල්
වීරවංශ ඇමතිවරයා

පාවාදීම් කියන්නේ මේ රටේ හැමදාම සිදුවූ දෙයක් බවත්
එය ‍‍ඓතිහාසිකව තුරන් වෙන ලක්ෂණයක් නොවන බවත්, රාජසිංහ යුගයේද ඇහැළේපොළ නිලමේ විසින්ද පාවාදීම් සිදුකළ බවත්, කියා සිටියා.
පසුව එකී ඇහැළේපොළ නිලමේවරයාට ද හිරබත් කන්නට සිදුවූ බව පාවාදෙන්නන්ට එවන් ඉරණමක් අත්වන බවද ඔහු සඳහන් කළේය.

විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා තමාගේ විපක්ෂ නායකධූරය රැක ගැනීම සඳහා තුන්කුළුදුල් බිලි සොයමින් සිටින බවත්, මීට පෙරාතුව 2010දී සේනාධිනායක හා යුදහමුදාපති ඝට්ටනයක් ඇතිකොට සරත් ෆොන්සේකා මහතා බිලිදුන් බවත් ඔහු කියා සිටියා.
සරත් ෆොන්සේකා මහතාට මේවන විට මොළේ පෑදී ඇති බවත්, ඔහුගේ මෑතකාලීන ප‍්‍රකාශවලින් එය තහවුරු වන බවත්, විපක්ෂයට පොදු අපේක්ෂකයෙකු නොමැති නිසා කවුරුන් හෝ ඉදිරිපත් වන තැනැත්තාට මොළය දීමේ හැකියාවක් තමාට නැති බවත්, වීරවංශ මහතා සඳහන් කළේය.
මෙම රැස්වීමට මෛත‍්‍රිපාල ඇමතිවරයා සහභාගී වී නැත.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්