ජනපති මහින්දගේ 69 වන උපන් දිනය අද

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අදට (18) යෙදී තිබෙන අතර එතුමාගේ දෙවන ධුර කාලයේ හතරවන සැමරුම හෙටට (19) යෙදී තිබේ.

ජනපති ජන්ම දිනය වෙනුවෙන් ජනාධිපති

මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද පතා ජනාධිපති මන්දිරයේ දී අද සර්ව රාත‍්‍රික පිරිත් සජ්ඣායනාවක් පැවැත්වෙන අතර හෙට (19) භික්ෂූන් වහන්සේ 150 නමක් උදෙසා සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමට නියමිතය.
මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද පතා දිවයින පුරා ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මගින් ඊයේ (17) පිරිත් සජ්ඣායනාවක් පැවති අතර අද (18) මහා සංඝරත්නය උදෙසා සාංඝික  දානය පිරිනැමීමට නියමිතය.
එමෙන්ම ජනාධිපතිවරයාගේ ජන්ම දින සැමරුමට සමගාමීව මහින්ද රාජපක්ෂ ශිෂ්‍යත්ව අරමුදල අද (18) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ස්ථාපිත කිරීමට නියමිතව ඇත

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට