ඇන්ජලීනා ජොලීගේ පුතු චිත‍්‍රපට කර්මාන්තයට

ප‍්‍රකට හොලිවුඞ් නිළි ඇන්ජලීනා ජොලීගේ හා නළු බ‍්‍රැඞ් පිට්ගේ හදාගත් වැඩිමහල් පුතු වන 13 හැවිරිදි මැඞ්ඩොක්ස් චිවාන් පාසල් වියේදීම චිත‍්‍රපට ක්ෂේත‍්‍රයට පිවිස සිටිනවා. ඒ ඇන්ජලීනා අධ්‍යක්ෂණය කරන ‘බයි ද සී’ චිත‍්‍රපටයේ නිෂ්පාදන සහකාරයෙකු ලෙසයි.ඇන්ජලීනා හා බ‍්‍රැඞ් පිට් හට දරුවන් 6 දෙනෙකු සිටින අතර ඔවුන්ගෙන් වැඩිමල් 3 දෙනාම ඔවුන් අරන් හදාගත් අයයි. වැඩිමහල් පුතු මැඞ්ඩොක්ස් චිවාන්
කැම්බෝඩියාවේදී ජොලීගේ රැකවරණයට පත්වුනේ 2001දී ඔහු ඉපදුණ අලූතය. තවත් වියට්නාම පුතෙකු හා ඉතියෝපියානු දුවක ඔවුනට සිටින අතර සෙසු තිදෙනා ඔවුන්ගේම දරුවන් වන ගැහැණු දරුවන් දෙදෙනෙකු හා පිරිමි දරුවෙකි.
ඇන්ජලීනා ජොලීගේ හතරවන විවාහය වූයේ බ‍්‍රැඞ් පිට්ය. පෙර විවාහ තුනේදී ඇය දරුවන් හැදුවේ නැත.