ජනාධිපතිවරණය නවත්වන්න රිට් පෙත්සමක්
වර්තමාන ජනාධිපතිවරයා ජනමත විචාරණයක් නොපවත්වා 18 වැනි සංශෝධනය සම්මත කරගෙන ජනාධිපතිවරණයකට තරග කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ප‍්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලමින් ජාතික සිංහල බෞද්ධ ජනතා
පක්ෂයේ නායක රත්න බණ්ඩාර මහතා ඊයේ (27දා) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේය.
එම පෙත්සමෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය යන මහත්වරුන් සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් සෙ නම්කර තිබිණි. ජාතික සිංහල බෞද්ධ ජනතා පක්ෂයේ නායකයා එම පෙත්සම මගින් ජනවාරි මස 08 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයෙකු පත්කරගැනීම සහ ජනාධිපතිවරයා විසින් ඉදිරියට කටයුතු සිදුකිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත්කරන ලෙසටද අධිකරණයෙන් ඉල්ලා සිටියි.
පෙත්සම්කරු ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු බවත්, රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා කැපවන නීතිගරුක පුද්ගලයෙකු බවත් පෙත්සමින් පවසා සිටියි.
පෙත්සමේ පළමු වගඋත්තරකරු ලෙස නම්කර ඇති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 18 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ජනමත විචාරණයකින් තොරව සම්මත කරගැනීමෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හිතාමතාම උල්ලංඝනය කර ඇති බව පෙත්සම්කරු පවසයි.
ජනාධිපතිවරයා හිතාමතාම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති නිසා තවත් ධුර කාලයක් සඳහා ජනාධිපතිවරණයකදී තරග කිරීමට නුසුදුසු බවත්, එමෙන්ම ඔහු වහාම සිය ධුරයෙන්ද ඉල්ලා අස්විය යුතු බවත් ඔහු පවසයි. හිස්වන ජනාධිපති ධුරය සඳහා ඊළඟ සුදුස්සන් වනුයේ අගමැතිවරයා සහ කථානායකවරයා බව පවසන පෙත්සම්කරු ඔවුන්ද 18 වැනි සංශෝධනයට පක්ෂපාතී වීම නිසා ජනාධිපති ධුරයට සුදුසුකම් නොලබන බව පවසා සිටියි.
මේ සඳහා ඊළඟ සුදුස්සා විපක්ෂනායකවරයා බවට පවසන පෙත්සම්කරු ඔහු ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුය යන මතයේ සිටීම නිසා එම තනතුර සඳහා නුසුදුස්සෙකු බව සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් මේ දක්වා කිසිම පුද්ගලයෙකු අභියාචනාධිකරණය හෝ ශේෂ්ඨාධිකරණය හමුවේ කිසිදු පැමිණිල්ලක් සිදුකර නොමැති හෙයින් ජනාධිපති ධුරය සඳහා සුදුසුම පුද්ගලයා තමන් බව පවසන පෙත්සම්කරු එහිදී ඉදිරි අවුරුදු 02 ක කාලයක් සඳහා හිස්වන ජනාධිපති ධුරය සඳහා තමන් සුදුසු බවට අධිකරණයෙන් ප‍්‍රකාශයක් නිකුත්කරන ලෙසද ඉල්ලා සිටියි.
( ලක්මාල් සූරියගොඩ - අද පුවත්පත )