මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල

ප.ව.3.55
තමා පොදු අපේක්ෂකයා ලෙස තරගකරන බවත් තමන්ට බලය ලැබුණොත් විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසිකරන බවත් මෛත‍්‍රිපාල සිරිසේන අද පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී ප‍්‍රකාශ කළා.
තමාට සෞඛ්‍ය ඇමති ලෙස පැවති අත්දැකීම් කටුක බවත් දුම්වැටි කවරවල පිළිකා රූප දමන්නට සම්මතවූ දේ පවා වෙනස්වූ බවත් ඖෂධ පනත සම්බන්ධයෙන්ද කළකිරෙන බවත් ඔහු ප‍්‍රකාශ කළා.
දැන් නීතියේ ආධිපත්‍යය වැටුණ සමාජයක් පවතින බවත් පොලිසිය පිරිහී ඇති බවත් ඔහු කියා සිටියා. වැරදි කරුවන්ට විරුද්ධව පොලිසියට වැඩකරන්නට බැරි තත්වයක් උදාවී ඇති බවද ඔහු කියා සිටියා.
තමා පිහිටුවන රජයේ අගමැති ලෙස රනිල් වික‍්‍රමසිංහ නම් කරන බවද ඔහු කියා සිටියා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට