ක‍්‍රිකට් පන්දුව හිසේ වැදුණු ඕස්ටේ‍්‍රලියානු පිතිකරු මියයයි

ක‍්‍රිකට් තරගයක් අතරතුර බවුන්සර් පන්දුවක් හිසේ වැදීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වූ 25 හැවිරිදි ඔස්ටෙ‍්‍රලියානු ක‍්‍රිකට් ක‍්‍රීඩක ෆිල් හියුස් අද මියගියා. පසුගිය අඟහරුවාදා සිදුවූ මෙම අනතුරෙන් කොමා තත්වයට පත්ව සිහි මුර්ජා වූ ෆිල් හියුස් මිය යනතුරුම යළි සිහිය නොලැබූ බව  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කණ්ඩායම භාර වෛද්‍ය පීටර් බෲක්නර් නිවේදනය කළේය.

පන්දුව හිසේ වැදුණ අවස්ථාවේ
පිටිය මැදදී සිහිසුන්ව ඇදවැටුණු   ඕස්ටේ‍්‍රලියානු පිලේ ආරම්භක පිතිකරු ෆිල් හියුස් මොළයේ සැත්කමකට මුහුණදී කොමා තත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ පසුවූයේය.
සිඕනි නුවරදී ඊයේ ස්කෑන් පරීක්ෂණ කිහිපයකට මුහුණ දුන් නමුත් ඔහුගේ තත්වයට හොඳ නැති බව දිගටම කියැවිණි.
ඉන්දීය පිලට එරෙහිව තව නෙබෝ දිනකින් ආරම්භ වන ටෙස්ට් තරගාවලියේදී නැවතත්

 ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම නියෝජනය කිරීමට සුදානමින් සිටි 25 හැවිරිදි හියුස්, ෂෙෆීල්ඕ පළිහ තරගාවලියේ තරගයකට සහභාගි වෙමින් සිටියදී, නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්ත කණ්ඩායමේ ෂෝන් ඇබට්ගේ පන්දුවක් හිසේ වැදීම නිසා මෙම අනතුරට ලක්විය.
ඒ වන විට ඔහු දකුණු   ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 63 ක් ලබා සිටි අතර කී‍්‍රඩාංගණයට ගෙනවන ලද හෙලිකොප්ටරයක ආධාරයෙන් ඔහුව රෝහලට ගෙන ගියා.

පන්දුව හිසේ වැදීම හේතුවෙන් මොළයේ සිදුවී ඇති ලේ ගැලීමක් නිසා මේ බරපතල තත්වය ඔහුට උදා විය. මෙම සිදුවීම නිසා නිව් සවුත් වේල්ස් පිල සහ බටහිර   ඕස්ටේ‍්‍රලියානු පිල අතර තරගයද එදා අතහැර දමන ලදි.
මිය ගිය හියුස් ටෙස්ට් ක‍්‍රිකට් තරග 26කදී ලකුණු 1535ක් රැස් කර ඇති අතර ශතක 3කට සහ අර්ධ ශතක 7කට හිමිකම් කියයි.

එම සිදුවීමේ වීඩියෝව පහතින්

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්