මට ගල් ගහනවා - ආරක්ෂාව ඕනෑ - රතන හිමි

අතුරලියේ රතන හිමියන් තමන් වහන්සේට ජිවිත තර්ජන පැවතින බව සඳහන් කරමින් පොලිස්පති වරයාගෙන් ආරක්ෂාව ඉල්ලා තිබේ.
තමන් වහන්සේ ප‍්‍රතිපත්තිමය වශයෙන් ගන්නාලද දේශපාලන තීන්දු තීරණ මුල් කරගනිමින් තමන් වහන්සේටත් තම සමිපතයන්ටත් තමන් වහන්සේ වැඩසිටින රාජගිරිය, ගෝතමී පාරේ සඳහම් සෙවණ ආයතනයටත් තර්ජන එල්ල වෙමින් පැවතින බවට සඳහන් කරමින් අද දහවල් මෙම ලිපිය පොලිස්පති එන්. කේ ඉලංගකෝන් මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

සඳහම් සෙවණ ආයතනයට ගමන් කරන මාර්ගයේ ඊයේ දහවල් රතන හිමියන්ට එරෙහි විරෝධතාවයක් පිරිසක් විසින් පැවැත්වූ අතර එම අවස්ථාවේ උන් වහන්සේ පාර්ලිමේන්තුවේ රැඳී සිට ඇත.

එම ආයතනයට ගල් මුල් ප‍්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු ආරංචියක් මත ඒ හිමියන් විහාරස්ථානයට වැඩම කලද කිසිඳු පහර දීමක් හෝ ගල් මුල් ප‍්‍රහාරයක් එල්ල වී නොතිබිණි.
කෙසේ වෙතත් දෙස් විදෙස් භික්ෂුන්වහන්සේලා අධ්‍යාපනය ලබන මෙම ආයතනයට හානියක් සිදුවීම ජාත්‍යන්තර වශයෙන් බලපෑහැකි බව පෙන්වා දෙන රතන හිමියන් එවැනි අනතුරකට නොයා තමන් වහන්සේ ඇතුළු මෙම ආයතනයෙත් තම සමිපතමයන්ගේත් ආරක්ෂාව තහවුරු කරන මෙන් ඉල්ලා සිටි.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්