චම්පික හා ගම්මන්පිල ඇමතිකම් වලින් ඉල්ලා අස්වෙති

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යධූරයෙන් තමන් අද(18) සිට ඉවත්වන බව පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එසේම බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල මහතාද පළාත් කර්මාන්ත අමාත්‍ය ධූරයෙන් ඉවත්වන බව රණවක මහතා කියා සිටියේ කොළඹ ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව විසින් ගනු ලැබූ තීරණයකට


අනුව මෙම ඉල්ලා අස්වීම සිදුවන බව රණවක මහතා එහිදී සඳහන් කළේය.

එදා එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ද්‍රවිඩ ජනතාව ප‍්‍රාණ ඇපයට තබාගෙන තමාගේ පටු බෙදුම්වාදී අදහස් මුදුන් පමුණුවා ගැනීමට නව නාසිවාදයක් ක‍්‍රියාත්මක කරන විට එකී ජනතාව බේරාගැනීමට මානුෂීය මෙහෙයුමක් දියත් කරන්නට සිදුවූ බව රණවක මහතා සිහිපත් කළේය.

එසේම අද වන විට ජනතාවගේ සාධාරණ සමාජීය බලාපොරොත්තු ඉතා සුළුතර කල්ලියක් විසින් අත්පත් කරගෙන සිටින බැවින් ජනතාව එයින් මුදවාගැනීමට තවත් මානුෂීය මෙහෙයුමක්/මෙහෙවරක් දියත් කිරීමට සිදුව ඇති බව හෙතෙම අවධාරණය කළේය.

තමන් පදිවි තානාන්තර වලින් ඉල්ලා අස්වනුයේ ජනතාව වෙනුවෙන් එකී මානුෂීය මෙහෙවරට උරදීමට බව ඔහු පෙන්වා දුන්නේය.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්