සිරිමාවෝගේ මල්ලී උපාලි ගෲප් අධිපති සීවලී රත්වත්තේ සමුගනී
උපාලි සමූහ ව්‍යාපාරයේ සභාපති වූ දොස්තර සීවලි හංසසාර රත්වත්තේ මැතිතුමා පෙරේදා (15 දා* කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්තවුණා.
1923 නොවැම්බර් මස 24 වැනිදා උපත ලැබූ දොස්තර රත්වත්තේ මහතා අවසන් සුසුම් හෙළන විට වයස අවුරුදු 91 කි.
බලංගොඩ බාන්ස් රත්වත්තේ දිසාපතිතුමාගේ සහ රොස්මන් මහවලතැන්න මැතිනියගේ පුත‍්‍ර රත්නයක් වූ රත්වත්තේ මැතිතුමා සහෝදරයන් හතර දෙනකුගෙන් සහ සහෝදරියන්
දොස්තර සීවලි රත්වත්තේ දෙදෙනකුගෙන් යුක්ත වූ පවුලේ පස්වැනි සාමාජිකයා විය.
ලෝකයේ ප‍්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ රත්වත්තේ බණ්ඩාරනායක මැතිනිය රත්වත්තේ මැතිතුමාගේ වැඩිමහල් සහෝදරියකි.
කොළඹ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමයෙන් ප‍්‍රාථමික අධ්‍යාපනය ලැබූ එතුමා ඉන්පසුව වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ මහනුවර ත‍්‍රිත්ව විදුහලෙනි.
ත‍්‍රිත්ව විදුහලේ අධ්‍යාපනය ලබා කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වූ රත්වත්තේ මැතිතුමා, එතැනින් වෛද්‍ය උපාධිය ලබා වෛද්‍යවරයකු මෙන් රජයේත් පෞද්ගලික ආයතනවලත් විශිෂ්ට සේවාවක් ඉටු කළේය.
1970 දශකයේ මැද භාගය දක්වා රජයේ රෝහල්වල වෛද්‍යවරයකු ලෙස කටයුතු කළ එතුමා ඉන් පසුව යුනිලීවර් සමාගමේ වෛද්‍යවරයා විය. වෛද්‍යවරයකු ලෙස රජයේත් පෞද්ගලික
අංශයේත් සේවයේ නිරත වී සිටියදී තමාගෙන් ප‍්‍රතිකාර ලැබූ රෝගීන් පිළිබඳව නිතරම දැඩි අවධානයකින් පසුවූ එතුමා නිතරම තම ජනප‍්‍රියත්වය රැක ගැනීමට සමත් විය.
යුනිලීවර් සමාගමේ සේවය කරන අතරතුරදීම ශ‍්‍රී ලංකාවේ පළමු අපනයන කලාපයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වීමේ භාග්‍යය ලද එතුමා, තම බෑනණුවන් වූ උපාලි පිලිප් විජයවර්ධන මහතා අධ්‍යක්ෂ ජනරාල් පදවිය හෙබවූ ශ‍්‍රී ලංකාවේ පළමු නිදහස් වෙළෙඳ කලාපයේ අධ්‍යක්ෂවරයකු වශයෙන්ද විශිෂ්ට සේවාවක් ඉටු කළේය. ඒ අතර නේපාලයේ අගනුවර වන කත්මන්ඩු නුවරද අපනයන කලාපයේ සේවය කළ එතුමා උපාලි විජයවර්ධන මැතිතුමන් 1983 වසරේදී අතුරුදන් වීමෙන් පසුව උපාලි සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිතුමා විය.
නිතරම තම සේවකයන්ගේ දුක් ගැනවිලි කෙරෙහි සංවේදීව කටයුතු කළ එතුමා, ඉතාමත් නිහතමානී සේවකයන්ට ඉතා හිතවත් ඉතා චාම් ගතිගුණවලින් යුක්ත වූ සභාපතිවරයෙක් විය. එසේම තම සේවකයන්ගේ පෞද්ගලික ප‍්‍රශ්නවලදී ද ඒවා දැනගත් පසු ඒවාට මැදිහත් වී නොයෙක් අන්දමින් එම කටයුතු විසඳීමේදී ද එතුමා ප‍්‍රධාන තැනක් ගත්තේය.
රත්නපුරේ එල්ලාවල, සීතා රෝහිණී එල්ලාවල මැතිනිය සමග විවාහ වී සිටි දොස්තර සීවලි හංසසාර රත්වත්තේ මැතිතුමාට දියණියෝම දෙදෙනෙක් වෙති. ඒ අතරින් වැඩිමහල් දියණිය ලක්මණි රත්වත්ත විජයවර්ධන වෙල්ගම මැතිනිය වන අතර දෙවැනි දියණිය වන්නේ එරන්තිකා සිරිමාවෝ කැලේගම මැතිනියයි.
ලක්මණි රත්වත්තේ මැතිනිය ශ‍්‍රී ලංකා ටෙලිකොම් සභාපති සහ සීමාසහිත උපාලි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්ගම මැතිතුමා සමග විවාහ වූ අතර එරන්තිකා දියණිය විවාහ වූයේ ආචාර්ය සමන් කැලේගම මැතිතුමා සමගිනි. කැලේගම මැතිතුමා ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකි.
දනට, පිනට ඉතා ළැදිව නිහඬ සමාජ සේවා මෙහෙවරක යෙදුණු රත්වත්තේ මැතිතුමා බෞද්ධාගමික කටයුතුවලදී ද මුල්තැන ගෙන කටයුතු කළ ප‍්‍රභූවරයෙක් විය. සමාජයේ කෙතරම් ඉහළ පන්තියකට අයත් වුවද එතුමාගේ ජීවිතයේ කැපී පෙනුණු ලක්ෂණය වූයේ නිහතමානි බව සහ අවංක භාවයයි.
එතුමාගේ අභාවයෙන් ශෝකවන්නා වූ අතිවිශාල පිරිස අතර නෑදැ හිතමිතුරන් රාශියක් සිටින අතර මුණුබුරු මිණිබිරියෝද තිදෙනෙක් වෙති. ඔවුන් නම්, චන්දන කැලේගම, ජයත‍්‍රි කැලේගම සහ කරිෂ්මා වෙල්ගමය.
අභාවප‍්‍රාප්ත දොස්තර සීවලි හංසසාර මැතිතුමන්ගේ ආදාහන කටයුතු සඳුදා (අද* 17 වැනිදා පස්වරු 5ට බොරැල්ලේ කන්තේ පිහිටි සුසාන භූමියේදී සිදු කෙරේ. අවමඟුල් පෙරහැර පස්වරු 4.30ට නිවසින් පිටත් වීමට නියමිතය.
දේහය බොරැල්ලේ නො. 12, ශේඩිග්‍රෝව් ඇවනිව් හි, (කාසල් රෝහලට නුදුරු* නිවසේ තැන්පත් කර ඇත.