විදුහල්පති ගෙදර එයි - මට මතක නෑ කියයි

පසුගියදා අතුරුදන්වූ රාජගිරිය හේවාවිතාරණ විදුහල්පති චිත‍්‍රපාල නාගසිංහ මහතා
ඊයේ (23)රාත‍්‍රියේ නිවසට පැමිණ ඇත. පොළොන්නරුවේ සිට තමා ආ බවත් තමාට සිද්ධවූ කිසිවක් මතක නැති බවත් ඔහු පවසා ඇත.
අතුරුදන්වීමෙන් දින 7 කට පසු ඔහු මෙසේ ආවේය.
කලිසමක් ඇඳගෙන ගිය ඔහු පැමිණ ඇත්තේ සරමක් ඇඳගෙනය. පොලිසිය ඔහු රෝහල් ගත කර වෛද්‍ය වාර්තාවක් ලබාගන්නට කටයුතු කර ඇත.

කිසියම් පිරිසක් ඔහු පැහැරගෙන ගොස් නැවත මුදාහැර ඇතිදැයි පොලිසිය සැක කරන නමුත් ඔහුගෙන් තවම ඒ ගැන හෙළිකරගන්නට බැරිව ඇත. වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට