ඊළග ජනපතිවරණය ප‍්‍රකාශයට පත්වේ

ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතා විසින් මහින්ද රාජපක්ෂ ජනපතිවරයා හමුවී ඊළග ජනපතිවරණයට අදාළ ලිපි ලේඛනවලට අද දහවල් සුබ නැකතින් අත්සන් තබා ගත්තා.

ඊයේ ? ජනපතිගේ නිල කාලයට වසර 4 ක් සම්පූර්ණවූ අතර අද
අරලියගහ මන්දිරයේ පැවති කෙටි උත්සවයකදී ජනාධිපතිවරයා තම නිල කාලය වූ වසර 5 සම්පූර්ණවීමට ප‍්‍රථම ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත්කරන ලෙසත්, ඊට තෙවන වරට තමන් තරඟ කරන බවට
වන නිල ප‍්‍රකාශයට අත්සන් කිරීමත් සිදුකරා.
එය මැතිවරණ කොමසාරිස්වරයාට නිල වශයෙන් ලිඛිතව ලැබී ඇතැයි දහවල් 2 ට පමණ මාධ්‍ය වෙත ඔහු කියා සිටියා. ඉන්පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමසාරිස්වරයා විසින් අද නිවේදනය කරන අතර එයට අදාළ ගැසට් පත‍්‍රය පැයක් ඇතුළත මුද්‍රණය කරන්නට රජයේ මුද්‍රණාලය සූදානම්ව සිටී.
ජනපතිවරණය පිළිබඳ විශේෂ ප‍්‍රකාශයක් අද (20දා) දවල් 1.30ට මාධ්‍යයට නිකුත් කරන්නට ජනපති ලේකම්වරයා කටයුතු කරනු ඇති බව ඇමති කෙහෙළිය රඹුක්වැල්ල අද මාධ්‍ය හමුවී කියා සිටියද දහවල් 2 පසුවීත් එවැන්නක් නිකුත්වූයේ නැත.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම හා විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු  සන්ධාන අපේක්ෂකත්වයට වත්මන් ජනපති මහින්ද රාජපක්ෂගේ නම ස්ථිර වූ අතර ඒ අනුව ඊළග ජනපතිවරණයට තරග කරන්නට වත්මන් ජනපතිවරයා අද අත්සන් තැබුවා. ලංකාවේ ජනපතිවරයෙකු තෙවැනි වරට තරග කරන්නේ මේ පළමු වතාවටය.
ජනපති මහින්ද සමග ප‍්‍රධාන ප‍්‍රතිවාදියා ලෙස තරග කරන්නට යන පොදු අපේක්ෂකයාගේ නම හෙළි කරන්නේ ජනපතිවරණය ප‍්‍රකාශයට පත් කළ පසුව බව විපක්ෂයෙන් පවසා තිබුණ අතර හෙට සිකුරාදා එම නම ප‍්‍රසිද්ධ කරන්නට නියමිත බවද අභ්‍යන්තර ආරංචි අනාවරණය කරනවා.
දින නියම කිරීම ජනවාරි 3 හෝ 7 සිදුවන බවට වැඩි විශ්වාසයක් ඇති අතර ඒ අනුව ජනපතිවරණය පවත්වන්නට තව ඇත්තේ සති 6 ක හෝ 7 ක කාලයක් පමණි.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්