ඞී එස් මී මුණුපුරා වසන්ත සේනානායක එජාපයට
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශ‍්‍රීලනිප මීරිගම ආසන සංවිධායක වසන්ත සේනානායක මහතා ඊයේ (20 දා* සවස සිරිකොතට පැමිණ එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වීය.
වසන්ත සේනානායක මහතා ඊයේ සවස 5.35 ට පමණ සිරිකොතට පැමිණි අතර එජාප නියෝජ්‍ය මහ ලේකම් අකිල විරාඡ් කාරියවසම් මහතා විසින් කොලපැහැති මල්මාලයක් දමා ඒ මහතා පිළිගත් අතර පසුව ඔහු එජාප විශේෂ මාධ්‍ය හමුවකටද එක්විණි.
පුද්ගලයකු සමඟ හෝ පවුලක් සමඟ ඇතිකරගත් තරහක් හෝ ඊර්ෂාවකින් නොව තමන් එජාපය හා එක් වන්නේ රට ගැන සිතා යෑයි ඔහු සඳහන් කළේය. ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී පොදු විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන රටම සහ සෑම දේශපාලන පක්ෂයක්ම පිළිගනු ලබන පොදු අපේක්ෂකයා දිනවීමට කටයුතු කරන බවද ඒ මහතා මෙහිදී කීවේය.
තමන් මෙන් තවත් පිරිසක් ඉදිරියේදී එජාපය සමග එක්වනු ඇතැයිද පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත සේනානායක මහතා වැඩිදුරටත් කීවේය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරාල, රුවන් විෙඡ්වර්ධන, ආචාර්ය හර්ෂ ද සිල්වා, නිරෝෂන් පෙරේරා යන මහත්ම මහත්මීන් විසින් ඒ මහතාව ඉතාමත් හරසරින් පිළිගන්නා ලදී.
රතිඤ්ක්‍දා හඬ මධ්‍යයේ සිරිකොතට පැමිණි ඒ මහතා දෙවන මහලේ පිහිටි එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතාගේ කාර්යාලයට ගොස් පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සමඟ සුහද සාකච්ඡාවකද නිරත විය.
ඔහු සුප‍්‍රකට දේශපාලනඥ ඞීඑස් සේනානායකගේ මී මුණුපුරෙකි
අකිත පෙරේරා