ශ‍්‍රී ලංකා එංගලන්ත සංචාරයේ එක්දින කණ්ඩායම නම් කෙරේ

ශ‍්‍රී ලංකාව හා එංගලන්තය අතර එළැඹෙන 26දා ආරම්භ වන තරග හතකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග තුනට නම් කළ කණ්ඩායමට තිළිණ කණ්ඩම්බි එක් කෙට තිබේ.

2011 වසරෙන් පසුව කණ්ඩම්බි නැවතත් මෙසේ කණ්ඩායමට කැඳවා තිබේ.

ඉන්දියාවත් සමග පැවැති අවසන් තරග දෙකට එක්වූ දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ.

මුල් තරග තුනට නම් කළ සුරාජ් රන්දීව්ටද ස්ථානය අහිමි වී තිබේ.

ළහිරු තිරිමාන්න සිය ස්ථානය තහවුරු කරගෙන තිබේ.

ආබාධයෙන් පසුව රංගන හේරත් කණ්ඩායමට කැඳවා තිබේ.

මාලිංග තවමත් කණ්ඩායමට ඇතුළත් කර නොමැත.

සීක්කුගේ  ප‍්‍රසන්නටද කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ.

2008 වසරෙන් පසුව දිල්රුවන් පෙරේරාද එක්දින කණ්ඩායමට කැඳව තිබේ.
ශ‍්‍රී ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස්, තිලකරත්න ඩිලශාන්, කුසල් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ළහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, රංගන හේරත්, තිළිණ කණ්ඩම්බි, දිල්රුවන් පෙරේරා, අජන්ත මෙන්ඩිස්, ශමින්ද එරංග, ධම්මික ප‍්‍රසාද්, තිසර පෙරේරා, ළහිරු ගමගේ.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට