රාජගිරියේ විදුහල්පති අතුරුදන් කර ඇත්තේ ඔබේසේකරපුර කුඩු ජාවාරම් කරුවන්ද?
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8b86JlHK2Ji802Ei6NZO2btDefS1Tw9Ec_ZHk0EUvPhR7GLM9p-fdzLfl4ua0Q1ERcm8ZaSKynNdzdkG6gK81PoVlknR1ujf4CKXjivYKu6U-EWnlTTOibZ3xPhl6EiT27a_FkATGfPY/s1600/N.C.Nagasinghe1.jpg)
මෙම විදුහල පිහිටා ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම යහමින් කෙරෙන පරිසරයකය. ඒවාට සම්බන්ධ අයගේ දරුදැරියන්ද මෙම පාසලට යන එන අතර වසර දෙකක පමණ කාලයක සිට මෙම විදුහලේ දියුණුව වෙනුවෙන් අසීමිතව කැපවුණ විදුහල්පතිවරයා යහපත් පරිසරයක් මෙම පාසලේ ඇති කිරීමට කැමැත්තෙන් සිටි අයෙකි.
මෙම උවදුර තුරන් කිරීමට වැඩ කරන නිසා ඔහුට ජාවාරම්කරුවන් සමග අමනාපකම් තිබුණ බවටද
හෝඩුවාවන් ඇත. මේ අතර ප‍්‍රදේශීය දේශපාලන බලවතෙකුද විදුහල්පතිවරයාගේ ක‍්‍රියාකලාපයන්ට විරුද්ධව සිටි බවට තොරතුරු ලැබී ඇත.
බාධක වලට තමන්ගේ මග හරස්කරගන්නට අකමැතිව සිටි විදුහල්පතිවරයා විදුහලට ජනපතිවරයා පැමිණෙන්නට සිටි දිනයේ ජනපතිවරයා හමුවේ පෙර කී ගැටලූ ඉදිරිපත්කර ඒවාට කඩිනම් විසඳුම් ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටි බවට ආරංචි ඇත.
නමුත් විදුහල්පතිවරයා අතුරුදන්ව ඇත්තේ එය සිදුකරන්නට මත්තෙන්ය. මේ නිසා මේ පිළිබඳ පරීක්ෂණ කරන නිලධාරීන්ට මෙම අභිරහස් අතුරුදන්වීම පසුපස කිසියම් පිරිසකගේ පැහැරගැනීමක් සිදුව ඇති බවට සැකකරන්නටද හේතු කාරණා සපයා ඇත.
කෙසේ වෙතත් ඔහු අතුරුදන්වූ ආකාරය විමසා බැලීමේදී එය පැටලිලි සහගත සිදුවීමකි.ලෙහෙසියෙන් හඳුනාගන්නට බැරිය.
බෙලිඅත්ත ප‍්‍රදේශයෙන් කොළඹට සංක‍්‍රමණය වූ 20 වසරක පාසල් අත්දැකීම් ඇති මෙම චිත‍්‍රපාල නාගසිංහ විදුහල්පතිවරයා 46 හැවිරිදි වියේ පසුවූ අතර ඔහු තනිකඩයෙකි. ඔහු වාසය කර ඇත්තේ කොට්ටාවේ පිහිටි ඔහුගේ වැඩිමල් සහෝදරයාගේ නිවසේය. මෙම නිවසේ කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ කථිකාචාර්යවරයෙකුවූ පේ‍්‍රමසිරි නාගසිංහ නමැති ඔහුගේ වැඩිමල් සොයුරා සිය බිරිය හා පුතු සමග වාසය
කරයි.
කලකට ඉහත උප-ගුරුවරයෙකු වශයෙන් කීර්තිමත් නමක් දැරූ චිත‍්‍රපාල නාගසිංහ වරක් බෙලිඅත්ත ප‍්‍රදේශයේ දක්ෂතම විද්‍යා ගුරුවරයා ලෙස සම්මානයට පවා පාත‍්‍රවූ අයෙකි. පසුව ඔහු නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු වශයෙන් පාසල් දෙකක සේවය කර විදුහල්පති පත්වීමක් පළමුවරට ලැබුවේ වසර දෙකකට පෙර මෙම පාසලටයි. තනිකඩයෙකුව සිටි නිසාත් අධික උනන්දුව නිසාත් ඔහු දින හතේම පාසලට එමින් එහි නිතරම රැඳී සිටිමින් කැපවී සේවය කළ බව කියැවේ. පාසලේ දරුදැරියන් දෙමාපියන්ගේ නොමද ආදරයට හා ගෞරවයටද ඔහු ලක්වූයේ නිතැතිනි.
අලූතින් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් මෙම විදුහලට ලබාගත්තේද ඔහුගේ උත්සාහයෙනි. එය ජනපතිගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කරන්නට නියමිතව තිබුණ පසුගිය 19 වෙනිදා දිනය වෙනුවෙන් ඔහු කලක සිටම ලකලෑස්තිවී ඇත්තේ මංගල උත්සවයකට සූදනම්වන පරිද්දෙනි. අවසාන දින කිහිපයේම ඔහු පාසලෙන් නිවසට ඇවිත් ඇත්තේ රාත‍්‍රී 11 ත් පසුවීය. ජනපතිවරයා පැමිණෙන අවස්ථාවට අඳින්නට අලූතින් සම්පූර්ණ ඇඳුම් කට්ටලයක්ද මිලට ගෙන තිබුණ ඔහු ඒ ඇඳුම් මැදගෙන එදා උදෑසනින් පිටත්ව යන්නට සූදානම්ව සිටි බව කියැවේ. ඔහු වාසය කළ කොට්ටාවේ නිවසට කිලෝමීටර 3ක පමණ දුරින් එම පාසලේ සහකාර විදුහල්පතිවරයකුද වාසය කළ අතර ඇතැම් අවස්ථාවල පණිවිඩ ලබාදීමට නාගසිංහ විදුහල්පතිවරයා සහකාර විදුහල්පති හමුවීමට යාම සිරිතකි.
සිද්ධිය වූ දින උදෑසන විදුහල්පතිවරයා උදෑසනම අවදිවී උත්සවයට යාමට කළමනා සකස් කර තිබෙනවා. මේ අතර උදෑසන 6 ට පමණ නිවසේ සිටින වැඩිමල් සොයුරා පුතු සමග පිටත්ව ගොස් ඇති අතර 6.30 ට පමණ සොයුරාගේ බිරිය නිවසින් පිටත්ව යන්නට හදද්දී විදුහල්පතිවරයාද එළියට යන්නට කාමරයෙන් පැමිණ ඇත. සාමාන්‍ය ඇඳුමකින් සැරසී සිටි ඔහු ඇයට කියා කියා ඇත්තේ ‘දොර වහලම යන්න අක්කේ මං ඇසිස්ටන්ට් ප‍්‍රින්සිපල්ලගෙ ගෙදර යනව යතුරු වගයක් දීල ආයෙ මං එනව’ කියමිනි.
පසුව නාගසිංහ විදුහල්පතිවරයා ඔහුට අයත් යතුරු පැදියෙන් නිවසින් පිටත්ව ගොස් ඇත. (ඒ නිවසේ අය ඔහු දුටු අවසන් වාතාවය*
කොට්ටාවේ සහකාර විදුහල්පතිවරයාගේ නිවසට ඔහු ටික වේලාවකින් ළ`ගාවී ඇති අතර කාර්යාල කාමරයේ යතුරු ඇතුළු විදුහලේ ප‍්‍රධාන දොර යතුරු සහිත කැරැල්ල සහකාර විදුහල්පති අතේ තැබූ ඔහු කියා ඇත්තේ ‘මං සූට් එක ඇඳන් එන්න ටිකක් පහුවෙයි. ඒකට කලින් ඔයා ගිහින් මේ යතුරු වලින් දොරවල් අරින්න මොකද ජනාධිපති ආරක්ෂක අංශෙන් කල් ඇතිව එනව කියල තියනවා. මං ආපුහාම ඉතිරි වැඩටික කථාකර ගනිමු.’ ලෙසිනි.
ඉන් අනතුරුව විදුහල්පතිවරයා නැවත යතුරු පැදියෙන් පිටත්ව ගොස් ඇත්තේ 6.45 ට පමණය. නැවත උදෑසන 7 ට පමණ විදුහල්පතිවරයා සහෝදරයාගේ නිවසේ ගේට්ටුව අසළට පැමිණ ඇති අයුරු එම නිවසට අසල්වැසි නිවසේ සිටින නීතිඥවරියක දැක ඇත. නමුත් ඉන්පසු කිසිදු වේලාවක ඔහු දුටු කිසිවෙකු නැත. 157-4007 අංක දරන හොන්ඩා සීඞී50 වර්ගයේ ඔහුගේ යතුරු පැදියද සොයාගන්නට නැත.
ජනපතිවරයා උත්සවයට පැමිණෙන අවස්ථාව වනතුරුත් විදුහල්පතිවරයා ප‍්‍රමාදවීම පාසලේ කාර්ය මණ්ඩලයට අදාහාගන්නට බැරිවූ අතර ඔවුන් ඔහුගේ දුරකථන අංකයට ඇමතුම් ගත්තද එය ක‍්‍රියාවිරහිත කර ඇති බවට නිවේදනය පමණක් අසන්නට ලැබුණි. මේ අතරවාරයේ උත්සවයේ කටයුතු නියෝජ්‍ය හා සහකාර විදුහල්පතිවරු මැදිහත්වී සිදු කිරීමෙන් පසු විදුහල්පති සොයන්නට දෙමාපිය ගුරු භවතුන් ඔහුගේ නිවසටද පිටත්ව තිබුණි. විදුහල්පතිගේ වැඩිමල් සොයුරාද කලබලවූ අතර සවස් කාලය වනතුරු ඔහු උදෑසන ආගිය කොට්ටාවේ පාරවල් දිගේ සොයා බැලූවත් කිසිවක් හමුවූයේ නැත. හැන්දෑවේ කොට්ටාව පොලිසියට ගොස් අතුරුදන් විදුහල්පති ගැන කථිකාචාර්ය සොයුරා පැමිණිල්ලක් කළේ මේ නිසාය.
පොලිසිය කළ සොයාබැලීමේදී විදුහල්පතිවරයාගේ කාමරය පරීක්ෂා කිරීමේදී ඔහු උත්සවයට යාමට ලෑස්ති කර තිබුණ අලූත් ඇඳුම් කට්ටලය ඒ තිබූ තැන්වලම තිබෙන අයුරුත් ඒවා මැදීමක් කර නැති බවත් පෙනුණි. ඔහුගේ ජංගම දුරකථනයද ක‍්‍රියාවිරහිත කර කාමරයේ පසෙකින් තිබුණ අයුරුත් සොයාගන්නට හැකිවිය. විදුහල්පතිවරයා සහකාර
විදුහල්පති හමුවී නැවත නිවසට ආ බවට කෙනෙකු දැක තිබුණත් ඔහු නැවත නිවසට පැමිණ ඇති බවක් මූලික පරීක්ෂණවලදී අනාවරණයවී නැත. ඔහු දුරකථනයද ඕෆ් කර තබා හිතාමතාම කොහේ හෝ ගොස් ඇති සෙයක්ද හඳුනාගන්නට ලැබීම අභිරහස් තත්වයකි.
ඔහු ලබාගත් අවසන් ඇමතුම් අංක දුරකථනයෙන් පරීක්ෂා කිරීමේදී ඒ අතුරින් අඳුනාගන්නට හැකි ආසන්නම අංක දෙක සහකාර විදුහල්පතිගේ අංකයක් හා කිරුළපන ප‍්‍රදේශයේ උත්සව භාණ්ඩ සාප්පුවක අංකයකි. ඒ සාප්පුව පාසලේ උත්සවයට අදාළ සේවාවක් සපයා තිබුණ බවද පසුව හෙළි විය. ඔහුගේ දුරකථනයේ ඉතිරි ඇමතුම් අංක ගැන දුරකථන සමාගමෙන් ඉල්ලූ පරීක්ෂණ වාර්තා තවම ලැබී නැති බව පොලිසිය පවසයි.
රාජගිරියේ ඔබේසේකරපුර පාතාලය මෙම අතුරුදන්වීම පසුපස ඇති බවට සැක සහිත සාක්ෂි ලැබුනේ මින් දින කිහිපයකට පෙරයි. ඒගැනද විමර්ශනය තවමත් සිදු කරන අතර තවම විදුහල්පති ගැන නිසි ආරංචියක් නැත.
පාසල ඉහළ තත්වයකට ගෙන ආ විදුහල්පතිවරයා වහාම සොයාදෙන්නැයි ඉල්ලමින් දෙමාපියන් පසුදා උද්ඝෝෂණයක්ද පවත්වා තිබුණි.
පොලිසිය තවම පරීක්ෂණ සිදු කරයි.