දේශපාලනය නිසා අවංක පොලිස් නිලධාරියාගේ බාධක කියන චිත‍්‍රපටයට තහනමක්

අස්වැසුම, සුළඟ, ඉර හඳ යට ආදී සම්මානනීය චිත‍්‍රපට නිර්මාණය කළ බෙනට් රත්නායකගේ ‘සත්ඉම‘ නම් වූ නවතම චිත‍්‍රපටයේ රූපගත කිරීම් අත්හිටුවන ලෙස වාරණ නියෝගයක් ශ‍්‍රී ලංකා පොලිසිය මඟින් පනවා ඇත.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාගේ නිර්දේශය මත මේ වාරණය පනවා ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතාය.
පොලිසිය විසින් එවනු ලැබූ නියෝගය නිවැරැදි නොවන බවත් චිත‍්‍රපටයක් වාරණය සඳහා අයිතිය ඇත්තේ එය නිර්මාණය කිරීමෙන් පසු රැඟුම් පාලක මණ්ඩලයට පමණක් බවත් දන්වමින් එම චිත‍්‍රපටයේ තිරනාටක රචක, අධ්‍යක්ෂ බෙනට් රත්නායක විසින් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් මහින්ද බාලසූරිය මහතාට අභියාචනයක් ඉදිරිපත් කර ඇතත් එයට නිසි ප‍්‍රතිචාරයක් ලැබී නොමැති බව කියැවේ.
‘සත්ඉම‘ චිත‍්‍රපටය රූ ගත කිරීමට අවසර දිය නොහැකි බව ලිඛිතව දැනුම් දී ඇත.

අවංක පොලිස් නිලධාරියකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවය දිනා ගන්නා පොලිස් නිලධාරියකු දේශපාලන මැදිහත් වීම් ඔස්සේ තම ගෞරවය නැති කරගන්නා අයුරු සහ තම බලය අයුතු ලෙස යොදා ගන්නා අයුරු සහ එම පොලිස් නිලධාරියා පමණක් නොව ඔහුගේ බිරිය පවා රාජකාරි බලය සියතට ගන්නා අයුරු පිළිබඳ කතාවක් ‘සත්ඉම‘ චිත‍්‍රපටයට තේමා වී ඇත.
බිමල් ජයකොඩි, සබීතා පෙරේරා, ලකී ඩයස්, බුද්ධික දමයන්ත, එරංග ජීවන්ත, අනුජ් රණසිංහ, දීපානි සිල්වා මේ චිත‍්‍රපටයේ රඟපෑමට තෝරා ගත් නළු නිළි පිරිසට අයත් වෙති.

ප‍්‍රධාන චරිතය වූ දූෂිත පොලිස් නිලධාරියා පසුව නීතිමය දඬුවම් ලබන නිසා මේ චිත‍්‍රපටය මඟින් පොලිස් දෙපාර්තමේන්තුවට කැළැලක් නොවන බව අධ්‍යක්ෂ බෙනට් රත්නායක නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් වෙයි.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්