පිල් හියුස් වෙනුවෙන් පාකිස්තාන - නවසීලන්ත ටෙස්ට් තරගය අත්හිටුවයි

අද (27දා) දින සිදුවූ ඔස්ටෙ‍්‍රලියානු ක‍්‍රිකට් ක‍්‍රීඩක පිල් හියුස්ගේ අභාවය හේතුවෙන් සාජාහි පාකිස්තාන කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර
පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගය අත්හිටුවීමට දෙරටේ ක‍්‍රිකට් පාලක මණ්ඩල තීරණය කර ඇත. කෙසේ නමුත් එම තරගය ඉදිරියේදී පවත්වනවාද නැත්ද යන්න ඔවුන් තවම තීරණය කර නොමැත.

මෙම තරගය දෙවැනි දිනය අද වන අතර, ඊයේ දිනට තරගය නතර කරන විට පළමුව පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම ලකුණු 281/3 (පන්දුවාර 90) රැස්කරගෙන සිටියේය. 

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට