ශිෂ්‍යත්වේ අසමත්වූවන් 10000 ක් සමත්කිරීම 17දා
ශිෂ්‍යත්ව විභාගයේ සංශෝධිත නව කඩඉම් ලකුණු නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීම ලබන 17 වැනිදා සිදුකරන බවත් එම ලකුණු අනුව පාසල්වලට සිසුන් තෝරා ගන්නා ලකුණු මට්ටම් ලබන ජනවාරි 09දා දින ප‍්‍රකාශයට පත්
කිරීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (14දා* ප‍්‍රකාශ කළේය.
ඒ සඳහා කිසියම් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන බව විභාග කොමසාරිස් ජනරාල් දැනුම් දී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
නව සංශෝධිත කඩඉම් ලකුණුවලට
අනුව සිංහල මාධ්‍ය සඳහා ලකුණු 157ක් සහ දෙමළ මාධ්‍ය සඳහා 152ක් ලෙසත් අවම ලකුණු සංශෝධනය වේ. ඒ අනුව එක් ප‍්‍රශ්න පත‍්‍රයක් සඳහා ලකුණු 35 බැගින් ලකුණු 70ක් ලබාගත් සිසුන් 5 ශේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වූවන් ලෙස පිළිගැනෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව මෙවර විභාගයේ 258,000කට ආසන්න සිසුන් පිරිසක් සඳහා විභාග කොමසාරිස් ජනරාල් විසින් පසුගිය සැප්තැම්බර් 27 දා දින සිසුන්ට ලබාදීමට අදාළ සහතිකපත් පාසල් වෙත යවා තිබේ. මෙමගින් ලංකා ඉතිහාසයේ පළමු වතාවට වැඩිපුර සිසුන් 10,000කට ශිෂ්‍යත්ව සඳහා හිමිකම් කිව හැකි බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
නව කඩඉම් ලකුණු ඇතුළත් ලේඛනය පාසල් වෙත යැවීම හා අන්තර්ජාලයට එක් කිරීම සිදුකරන බවත් ශිෂ්‍යත්ව සමත් දරුවන්ට නව පාසල් සඳහා ඉල්ලූම් කිරීමේ අයැදුම්පත් දිවයිනේ සියලූම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු මගින් පාසල්වලට ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
රුචිර දිලාන් මධුසංඛ / සුරේකා නිල්මිණි ඉලංගකෝන්