පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වයේ සංශෝධිත අවම ලකුණු
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ශිෂ්‍යත්ව සංඛ්‍යාව පහළොස් දහසේ සිට විසිපන්දහස දක්වා වැඩි කිරීම නිසා සංශෝධනය කරන ලද දිස්ත‍්‍රික් අවම ලකුණු සීමා විභාග දෙපාර්තමේන්තුව විසින් ඊයේ (17 වැනිදා* නිකුත් කරන ලදී.ඒ අනුව කොළඹ ගම්පහ,කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල. මාතර, කුරුණෑගල හා කෑගල්ල යන දිස්ත‍්‍රික්කයන්හි අවම ලකුණු සීමාව 157 කි. හම්බන්තොට හා රත්නපුර දිස්ත‍්‍රික්කයන්හි 153 ක් වන අතර පුත්තලම, මුලතිව්, අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව, හා බදුල්ල යන දිස්ත‍්‍රික්කයන්හි 152 ක් වෙයි.
ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ අවම ලකුණු සීමාව 151 ක් වන අතර නුවරඑළිය මොනරාගල දිස්ත‍්‍රික්කයන්හි 150 කි. මන්නාරම හා වව්නියාව 147 ක් වෙයි.