අපි සීගිරිය විකිණුවෙ නෑ - කලාකරුවන් හමුවෙදී ජනපතිවරයාගේ කතාව
සමාජය යහමගට හරවන්න, රටේ ජනතාවගේ මතවාදයන් හොඳ අතට හසුරුවන්න කලාකරුවාට හැකියාව තිබෙන බවත් ටෙලි නාට්‍ය චිත‍්‍රපට ඇතුළු කලානිර්මාණ ඒ සඳහා නිසි පරිදි යොදාගතයුතු බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කලාකරුවන්ට කියා සිටියා.
අරලියගහ මන්දිරයේදී පසුගිය 11 වැනිදා පැවැති කලාකරුවන්ගේ හමුව අමතා ජනාධිපතිවරයා කළ කතාව පහත පරිදිය.
ඔබ සියලූ දෙනාට රසවත් සුබ සන්ධ්‍යාවක් කියලා මම පිළිගන්නවා. සංස්කෘතික ඇමැති ටී. බී. ඒකනායක මැතිතුමාගේ ආරාධනයෙන් මෙහි පැමිණීම පිළිබඳව ඔබ සියලූ දෙනාටම මාගේ කෘතවේදීත්වය පළ කරනවා.
අප රටේ කවර හෝ කලාකරුවන් සමඟ මම හැම උදේකම කතා කරනවා. ඒ ඒ අයගේ උපන් දිනයට සුබ පතන්න. අද උදෙත් මම දෙදෙනකුට කතා කළා. අපේ ආදරය දිනාගත් ගායිකාවන් දෙදෙනකුට සුබ පතන්න. 80 වැනි උපන්දිනය සමරන අපේ ගීත කෝකිලාවිය ලතා වල්පොල මැතිණියට මම උදේ සුබ පැතුවා. ඇයගේ කටහඬ මිහිරි බව සැමදාම පවතීවා. ඇය නිදුක් වේවා. නිරෝගී වේවා. දීර්ඝායුෂ ලැබේවා කියලා පතනවා. ඒ වගේම ගායිකා චන්ද්‍රිකා සිරිවර්ධන මැතිනියත් උපන් දිනය සමරනවා. එතුමිය ඇතුළු අද උපන් දිනය සමරන සියලූ කලාකරුවන්ට මම සුබ පතනවා.
සාමාන්‍යයෙන් කලාකරුවන් සිටින රටක ආණ්ඩු දෙකක් ඇති බව කියනවා. එකක් මහජනයා පත් කර ගන්නා ආණ්ඩුව. අනෙක තමයි කලාකරුවාගේ මතය නියෝජනය වන ආණ්ඩුව. එක් යුගයක අපේ රටේ ප‍්‍රභාකරන්ගේ ආණ්ඩුව තිබුණා. අද ප‍්‍රභාකරන්ගේ ආණ්ඩුවක් නැහැ. ඉන්නේ අපි දෙගොල්ල පමණයි. රට පිළිබඳ කාරණයේදී ඔබ ඔබේ මතය බිය නැතිව ප‍්‍රකාශ කරනවා.
එදා රජවරුන්, පර සතුරන් පලවා හැර රට එක්සේසත් කළා. රට සමෘද්ධිමත් කළා. රටක නිදහස තිබුණු අවස්ථාවල තමයි අපේ රටේ කලා නිර්මාණ වැඩිපුර බිහි වුණේ. චිත‍්‍රපටියක් බලන්න, නාට්‍යයක් බලන්න, සංගීත සන්දර්ශනයක් බලන්න පාරට බහින්න බැරිව බයෙන් ජීවත් වුණ යුගයක් නිම කරලා, අද කලාකරුවන්ට තම නිර්මාණ කරන්න, ඒවා ඉදිරිපත් කරන්න හැකි නිදහස් පරිසරයක් හදන්න අපිට 2005 න් පසු හැකිවුණු බව ඔබ පිළිගන්නවා ඇතැයි මම විශ්වාස කරනවා.
දැන් මේ රටේ ත‍්‍රස්තවාදය ඉවරයි. දැන් තිබෙන්නේ සංවර්ධනය. ඊට පස්සේ රට පුරා නාට්‍ය පෙන්වනවා. සංගීත සන්දර්ශන පවත්වනවා. චිත‍්‍රපටි පෙන්වනවා. චිත‍්‍රපටි නිෂ්පාදනය කරනවා. මාවත් විවේචනය කරලා නාට්‍ය හැදෙනවා. සමහර නාලිකා අපේ චරිත දාලා ටෙලි නාට්‍යයත් හදනවා. මමත් ඒවා බලලා සතුටු වෙනවා. ඒවා බලලා හිනාවෙන්න මට ශක්තිය තිබෙනවා. ළඟදී මම නාට්‍යයක් බැලූවා. එයට අපට ශක්තිය තිබෙනවා. සමහර වෙලාවට අපට එරෙහිව කරන විවේචන නම් පුහු වෙඩි.
එදා රූපගත කිරීම්වලට ගියාම ඔබ දුක් වින්දා. එදාට වඩා වෙනසක් තිබෙනවා. අපි ඔබේ ඉල්ලීම් ඉටුකරලා තිබෙනවා. ටවර් හෝල් එකේ නාට්‍යයක් පෙන්වන කොට ඇතිවුණු ප‍්‍රශ්න අපට කිව්වා. සමහර වෙලාවට පේ‍්‍රක්ෂකයන්ගේ වාහන නැවැත්වූ විට ටවර් හෝල් එකට ඇතුල් වෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ තිබෙන තත්ත්වය අද වෙනස් කරලා තිබෙනවා. සමහරු අපව විවේචනය කරන්නේ අපි හදන්නේ මහාමාර්ග පමණයි කියලා. නමුත් මේ යුගය තුළ දී කලා ශිල්පීන්ගේ වෘත්තීය මට්ටම වැඩි කරන්න, ගෞරවාන්විත බව වැඩි කරන්න මේ හැම දෙයකටම අපි හැම වෙලාවෙම අත දුන්නා. සංස්කෘතික ඇමතිතුමා මේ හැම දෙයක් ගැනම විශේෂ උනන්දුවක් දක්වනවා. ඔබේ සමුළුවක් තිබෙනවා. එහිදී අවශ්‍ය කරුණු ඉදිරිපත් කරනවා. ඒවායින් කරන්න පුළුවන් දේවල් තිබෙනවා. බැරි ඒවා තිබෙනවා. මේ තත්ත්වයන් පිළිබඳව අවබෝධ කරගෙන කටයුතු කරන්න ඕනෑ.
රටේ ජනතාවගේ මතවාදයන් හොඳ අතට හසුරුවන්න ඔබට හැකියාව තිබෙනවා. සමහර නාට්‍ය බලපුවාම අපට දුකක් ඇතිවෙනවා. ඇයි අපි මෙහෙම තත්ත්වයකට පත්වෙලා තිබෙන්නේ කියලා. අපිට සමාජයක් යහමගට හරවන්න පුළුවන්කම තිබෙනවා. අප එතැනට යනවා ද නැතිනම් මේ සමාජ ක‍්‍රමයට විරුද්ධව යම් යම් දේ පෙන්වලා සමාජයේ සමහර සිත් වෙනස් කරනවා ද, විකෘති කරනවා ද කියා සිතෙනවා. මේ පිළිබඳව විවෘතව කතා කරන්න අවස්ථාවක් ලැබීම ගැන මම සතුටු වෙනවා. සමහර නාට්‍යවල භාවිතා වන වචන, එහි තිබෙන අදහස් ගැන නම් සමහර විට අපට ප‍්‍රශ්න තිබෙනවා. සමාජයේ යහපත සඳහා කටයුතු කරන්න ඔබට පුළුවන් වෙන්න ඕනෑ.
එක් යුගයක කලාකරුවන්ගේ නිර්මාණ නිසා තමන්ගේ අදහස් වෙනස් කරගත්තා. එදා තිබුණු තත්ත්වයන් ගැන නිර්මාණවලින් කතා කළා. සීගිරි ගලත් විකුණන්න වෙයි කියලා ගීත කිව්වා. එහෙම යුගයක් තිබුණා. අපි ඒ යුගය නැති කරලා තිබෙනවා. එවැනි තත්ත්වයන් නැවත ඇතිවෙන්නේ නැහැ. ඒවා මතක තබාගෙන අපි කටයුතු කළ යුතුයි. ඒ යුගයකට නැවත යන්න අපට බැහැ. අපි අතර වෙනසක් තිබෙනවා. සමහරු රාජ්‍ය අංශය දුර්වල බව විශ්වාස කළා. හැම විටම පෞද්ගලික අංශයත් සමඟ කටයුතු කරන්න. සැමදේම විකුණාගෙන කන්න. මුදල් නැතිවුණාම රජයේ දෙපාර්තමේන්තු සංස්ථා කර විකුණා දැමුවා. අපි ඊට වඩා වෙනස් තත්ත්වයකට රට ගෙනැවිත් තිබෙනවා. මේ අපි ගෙවල්වල තිබෙන බඩු විකුණලා ජීවත් වෙන්න ඕනෑ යුගයක් නෙවෙයි. අපි ඒ විකුණපු දේවල් නැවත ලබාගන්න කටයුතු කළා. ඒ වෙනස්කම් කරන්න කලාකරුවන් අපට මහත් ශක්තියක් වුණා.
ඔවුන් නිෂ්පාදනය කළ ගීතයක්, කතාවක්, ටෙලිනාට්‍ය වලින්, චිත‍්‍රපටවලින් යම් පණිවුඩයක් දුන්නා. අපි ඒ පණිවුඩය භාර ගත්තා, රටේ ජනතාව ඒ පණිවුඩය භාරගත්තා. එහි ප‍්‍රතිඵලය අනුව ඒ වෙනස අපි නැවත ඇතිකරලා තිබෙනවා. මේ කාරණා පිළිබඳවත් ඔබත් සමඟ කතා කරන්න අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා.
මෙවර ඔබට විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් ඇති කරලා තිබෙනවා. පසුගිය දිනක අපේ ප‍්‍රවීණ ගායන ශිල්පියකුගේ නිවසට පැමිණ මුදල් කොල්ල කා තිබෙන අවස්ථාවක් පුවත්පතක දුටුවා. ඒ අවස්ථාවේදීම ඒ අයට කතා කරලා සංස්කෘතික අමාත්‍යතුමාට අවශ්‍ය උපදෙස් ලබාදුන්නා. ඒ වගේම පොලිසියට කතා කරලා ඒ ගැන සොයා බලන්න කටයුතු කළා. ඒ මුදල් එකතු කිරීමේ කතාව මහා දුක්බර කථාවක්. ඒකට පිළියමක් අපි සොයන්න ඕනෑ. කලාකරුවා තමන්ට පුළුවන් කාලේ උපයාගන්නා දේ ඒ කාලයේම වියදම් කළොත් අවසාන කාලයේ දී ජීවත්වෙන්න අමාරු තත්ත්වයක් ඇතිවෙනවා. ඒ අනුව යම් වැඩපිළිවෙළක් සකස් කරන්න සංස්කෘතික දෙපාර්තමේන්තුව අද පියවර අරගෙන තිබෙනවා. කලාකරු විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් ආරම්භ කරලා තිබෙනවා. මේ සඳහා දායකවීම අනිවාර්ය කළ යුතු යෑයි මා විශ්වාස කරනවා. එය වඩාත් ශක්තිමත් කළ යුතුයි. අද කලාකරුවන් ඔවුන්ට ”සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් මසකට ලබාදෙන රුපියල් දෙදහසකින් අමාරුයි ඒ ගැන කල්පනා කරන්න. අප ගැන වෙනත් වැඩපිළිවෙළකට යන්න කියා” ඉල්ලා සිටියා. ඒ ගැනත් ඉදිරියේ දී යම් පියවරක් ගැනීමට කටයුතු කළ යුතුව තිබෙනවා.
කලාකරුවන් වෙනුවෙන් කලාකරු සත්කාර පියසක් හදන්න සූදානම් කරලා තිබෙනවා. අපි රණවිරුවන් වෙනුවෙන් අභිමංසලක් හැදුවා. ඔබ සමහර දෙනෙක් එහි ගිහින් ඇති. එවැනි තත්ත්වයක් ගොඩනගන්න කාලය ඇවිත් තිබෙනවා. ඒක අපි නිර්මාණය කරනවා. අපි ටවර් රඟහල හදලා තිබෙනවා. නොයෙක් කතා එනවා. ජෝන් ද සිල්වා රඟහල කඩලා අපි රථ ගාලක් හදන්න යනවා කියලා ලොකු කථාවක් ප‍්‍රචාරය වුණා. එය කීපදෙනෙක් මගෙන් විමසුවා. අද එතැන හදන එකට මුල්ගලක් තැබුවා. මේවා පිළිබඳව අපි කල්පනා කරන්න ඕනෑ. බොරු ප‍්‍රචාරය වෙනකොට ඒවා ගැන සොයා බලන්නේ නැතිව කතා කරනවා. නමුත් ඒවායින් අපි සැලෙන්නේ නැහැ. කලාකරුවන් වෙනුවෙන් මේ රජය විශාල වැඩකොටසක් ඉටුකරලා තිබෙන බව ඔබට අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ.
අපිට අද තර්ජනයක් තිබෙනවා. අපි කොටි ත‍්‍රස්තවාදය අවසන් කළා. නමුත් ඒ අයගේ හොල්මන් තවමත් පිටරටවල තිබෙනවා. අද යුරෝපය ඔවුන්ව ත‍්‍රස්තවාදී ලැයිස්තුවෙන් ඉවත් කරලා. ඔවුන්ට සුදු හුණු ගාලා තිබෙනවා. ඔවුනට නිදැල්ලේ හැසිරෙන්න, ක‍්‍රියාත්මක වෙන්න අවස්ථාව දීලා තිබෙනවා. එවන් අවස්ථාවක තමයි අපි ඉදිරියට යන්නේ. එවැනි තත්ත්වයන් පිළිබඳව අවබෝධයක් අපි තුළ තිබෙන්න ඕනෑ.
ඔබෙන් අපි එක ඉල්ලීමක් කරනවා. ඔබ එකමුතු වෙලා කටයුතු කරන්න. එහෙම කටයුතු කරනකොට ඔබ එකාවන්ට කතා කරන්න, එකාවන්ව ජීවත් වෙන්න ඔබ සූදානම් විය යුතුයි. රටේ අනාගතය, දරුවන් වෙනුවෙන් මම නැවත ඉල්ලන්නේ ඔබේ හැම අවස්ථාවකදීම ඔවුන් වෙනුවෙන් දිය යුතු පණිවුඩය ලබාදෙන්න කටයුතු කරන්න කියලායි.
සටහන - අනුර බාලසූරිය