මහින්ද 57% කට වඩා ගන්නවා - සුසිල්
ඉදිරි ජනාධිපතිවරණයේදී දෙවන මනාපය ගණන් කිරීමට අවශ්‍ය නොවන බවත්, ජනාධිපතිවරයා පසුගිය ජනාධිපතිවරණයට වඩා සියයට 57 ලබා ගන්නා බවට විශ්වාසයක් සන්ධානයට ඇති බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රධාන ලේකම් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ එ. ජ. නි. සන්ධානයේ මාධ්‍ය හමුවට ඊයේ (16 දා* පෙරවරුවේ දී එක්වෙමිනි.
විදේශ බලවේගවලට අවැසි ආකාරයට ජනාධිපතිවරයා කටයුතු කළා නම් කිසිම ප‍්‍රශ්නයක් ඇති වන්නේ නැතැයි පැවසූ අමාත්‍යවරයා, ජනාධිපතිවරයා පැරදවීම හැර කිසිදු වැඩපිළිවෙළක් විපක්ෂයට අද නැතැයි ද පැවැසීය.
පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා ඉවත්වීමෙන් රජයට තබා පානදුරයටවත් කිසිම බලපෑමක් ඇතිවී නැතැයි පැවසූ අමාත්‍යවරයා, ඔහු එම ධුරයට පත්වූයේ සන්ධාන්‍යෙන් ඉල්ලූ නිසා බවත් ස්වාධීනව ඉල්ලූවේ නම් තේරෙනවා දැයි ප‍්‍රශ්න කරන බවත් සඳහන් කළේය. මෙම මාධ්‍ය හමුවට නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදිත ලොකු බණ්ඩාර යන මහත්වරුන් ද සහභාගි වූහ.
ක‍්‍රිස්ටි මහේෂ් ද සිල්වා