පාසලට ජනපති එද්දී විදුහල්පති අතුරුදන් වෙලා

රාජගිරිය හේවාවිතාරණ මහා විදුහලේ ඊයේ (19 දා) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් උත්සවයක් පැවති අතර එදින උදැසන සිට එම විදුහලේ විදුහල්පතිවරයා අතුරුදන්වී ඇති බවට කොට්ටාව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත. මෙසේ අතුරුදන්වී ඇත්තේ එම විදුහලේ විදුහල්පති සී. නාගසිංහ මහතා බව පොලිසිය කියයි.

හේවාවිතාරණ විදුහලේ මහින්දෝදය විද්‍යාගාරය විවෘත කිරීම ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අතර විදුහල්පතිවරයා උත්සවය සංවිධානය කිරීමට කල්තියාම දායක වී තිබේ.

උත්සවයට සූදානම්වීම සඳහා විදුහලේ සැරසිලි කටයුතු සංවිධානය කිරීමට විදුහල්පතිවරයා පැමිණීමට නියමිතව තිබූ නමුත් ඔහු පාසලට පැමිණ නැති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

මේ හේතුවෙන් උත්සවයේ සංවිධාන කටයුතු සිදුකර ඇත්තේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ඇතුළු ගුරුදෙගුරුන් පිරිසකි.

විදුහල්පතිවරයා අතුරුදන්වූ බවට කොට්ටාව පොලිසියේ පැමිණිලි කර ඇත්තේ ඔහුගේ සොහොයුරකු බව පොලිසිය පවසයි.

විදුහල්පතිවරයා උත්සවයට කැපවී ක‍්‍රියාකර ඇති අතර මොහු මෙසේ අතුරුදන්වීම අභිරහසක් බව පොලිසිය කියයි.

නෝමන් පලිහවඩන

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්