ඇමති මෛත‍්‍රි ගැන පැතිරෙන කටකතා
ඊයේ ජනපති මහින්ද රාජපක්ෂ ජනපතිවරණය පවත්වන්නැයි මැතිවරණ කොමසාරිස් වරයාට සිය නියෝගය දැන්වීමෙන් පසු ඊළ`ග ජනාධිපතිවරණය සම්බන්ධ විවිධ කතා දැන් පැතිරෙමින් පවතී.
ඒ අතර ප‍්‍රබලම මාතෘකාව වී ඇත්තේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ සාමාජික ඇමති මෛත‍්‍රිපාල සිරිසේන රජයෙන් ඉවත්වී පොදු අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂට එරෙහිව තරග කරන්නට යන කතාවයි.
පොදු අපේක්ෂකයාගේ නම අවසාන මොහොත දක්වා රහසක් ලෙස පවත්වා යන්නට
විපක්ෂය කටයුතු කර තිබුනේ මේ හේතුව නිසා යයිද ඇතැම් මතයකින් කියැවුණා.
මේ සම්බන්ධ කරුණු විමසීම්වලදී ඇමති මෛත‍්‍රිපාලගේ ප‍්‍රතිචාර පැහැදිලි වූයේ නැත. ඔහු විටෙක සිනාසුණ අතර විටෙක ඒවා කටකතා ලෙස පමණක් කියා සිටියා.
අද උදෑසන 10 ට පමණ බත්තරමුල්ල ‘අපේගම’ ස්ථානයේ ඇමතිවරයා සහභාගීවන්නට නියමිත රැස්වීමක් පැවති අතර එයට උදේ 11 ට පමණ ඔහු පමාවී ගොස් තිබුණා. ප‍්‍රමාදයට හේතුව ලෙස ජනපතිවරයාගේ හදිසි කැඳවීමක් ලැබීම බවද හෙළිව තිබුණා.
ජනපතිවරයා ඇමති මෛත‍්‍රිපාලට ලොකු පුටුවක් පිරිනමන්නට යන බවටද කතාවක් පැතිර තිබෙනවා.
මේ අතර බත්තරමුල්ලේ අද උදේ 11 රැස්වීමට පැමිණ එහි සිටි සෞඛ්‍ය කාර්මික නොවන සේවාවන් සඳහා පත්වීම් ලිපි 1000 ක් ලබාගැනීමට ආ අය අමතමින් කතාවක් පැවැත්වූ
ඇමතිවරයා එම කතාව නිම කර තිබුනේ,
‘සෞඛ්‍ය ඇමතිවරයා විදිහට අවුරුදු 5 කට ආසන්න කාලයක් වැඩකරපු මම ඉතාමත්ම සතුටු වෙනවා ඔබත් සමග මේ අවස්ථාවේ එක්වන්නට ලැබීම පිළිබඳව. ඒක නිසා විශේෂයෙන්ම ඔබ සමග එක්වූ මේ කාල සීමාව තුළ ඔබ සමග සතුටට පත් වෙලා විශේෂයෙන්ම ඔබේ අනාගතය වෙනුවෙන් විශේෂයෙන්ම ඔබේත් මගේත් රට වෙනුවෙන් ඔබ වෙනුවෙන් මම හැමවිටම අද දවසේ වගේම ඉදිරියට අනාගතයේදීත් මීටත් වඩා ඔබට සේවය කිරීමට කැපවෙන බව පවසනවා’
යනුවෙනි.
ඇමතිවරයා ආණ්ඩු පක්ෂයේ ප‍්‍රබලයින් සමග අද මාධ්‍ය හමුවකට පැමිණ රජයෙන් ඉවත්වීමේ නිවේදනය පවසන බවට කතාවක් පැතිර තිබෙන අතර පාර්ලිමේන්තුවේදී පැති මාරු කිරීමේ කතාවක්ද පැතිර තිබෙනවා.
මේ අතර කොළඹ නවනගර ශාලාවේ වෙනත් කෙනෙකුගේ නමින් ඇමතිවරයා රැස්වීමකට ඉඩක් වෙන්කර ඇති බවත් එය 10 ට පවත්වන්නට සැලසුම් කර තිබූ බවත් පැවසුණ නිසා දෙස් විදෙස් මාධ්‍යවේදීන් එහි ගිය නමුත් ඔහු පැමිණියේ නැත. පසුව වාර්තා වූයේ එය පවත්වන්නට නියමිත 10 ට නොව 1 ට බවකි.
මෛත‍්‍රිපාල ඇමතිවරයා රජයෙන් ඉවත්වන්නේ 20 කට වැඩි පිරිසක් සමග නම් ඔහුට පොදු අපේක්ෂකත්වය නිතැතින්ම ලබාදෙන්නට නියමිත බවද තවත් ආරංචියකින් කියැවුණා.
නමුත් මේ සියලූ කතා තවම ‘කටකතා’ පමණකි.