ශෂීන්ද්‍රගේ ජීප් රථ අනතුරින් තිදෙනෙකු මරුට
අද උදෑසන 1.30 ට පමණ බුත්තල,මහගොඩයාය ප‍්‍රදේශයේදී සිදුවූ ජීප්-ටිපර් රථ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් සිව්දෙනෙකු තුවාල ලබා ඇත.
ඌව මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ආරක්ෂක රථ පෙළේ ඉදිරියෙන් ගමන් ගත් ජීප් රථයක් නවතා තිබූ ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.
මියගිය තිදෙනාගෙන් දෙදෙනෙකු ජීප් රථයේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකි.
අනතුරින් තවත් සිවුදෙනෙකු තුවාල ලබා ඇත. මොණරාගල මහරෝහලේ ඔවුන් ප‍්‍රතිකාර ලබනවා.
ඌව ප‍්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයින් ගමන්ගත් ජීප් රථය
අධික වේගයෙන් ධාවන කර තිබුණ අතර නවතා තිබුණ ටිපර් රථය හරිහැටි නොදැක මෙම අනතුර සිදුව ඇත.
මිය ගිය පොලිස් නිලධාරීන් දෙදෙනා මහ ඇමතිවරයාගේ ආරක්ෂකයින් ලෙස කටයුතු කරමින් සිටි අයයි.තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ මහ ඇමතිවරයාගේ තවත් ආරක්ෂකයින් සිව්දෙනෙකි.
ජීප් රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනවා.