ශේෂාද්‍රි වැස්ලින් බෝතල් 10000 ක් මිලට ගත්ත කතාව - 3
ශේෂාද්‍රි ප‍්‍රියසාද් බෝතල් 10000 ක් මිලට ගත්ත කතාව ගැන තවත් ආරංචි ලැබෙමින් පවතිනවා.
සුප‍්‍රකට යුනිලීවර් සමාගම නිපදවන වැස්ලින් හෙල්දි වයිට් නමැති ආලේපනය ඇය මේ අකාරයට මිලට ගෙන ඇති බවත් ඒවා මගින් ශේෂාද්‍රි ඇගේ හම පැහැපත් කරගන්නට බලාපොරොත්තු වෙන බවත් පැවසෙනවා. නමුත් ඇය විසින් මේ තරම් විශාල වැස්ලින් බෝතල් තොගයක් මිලට ගෙන සිදු කරන්නට යන්නේ ඇගේ සම පැහැපත් කිරීම යන්න යම් අයෙකුට විශ්වාස කරන්න බැරි කතාවක්. ඇය ඒවා කාට හෝ බෙදා දෙන්න යනවාද නැතිනම් ජීවිත කාලය පුරාම ඒවා පාවිච්චි කරන්න යනවාද යන්න ගැන වෙබ් අඩවි අතර සැක සහිත විස්තර පළකර තිබෙනවා.
පසුගියදා විවාහ දිවියටද එළැඹි ශේෂාද්‍රි සිනමා කර්මාන්තය හා සම්බන්ධ පවුලකින් පැවත එන නිළියක්. ඇගේ සොයුරියන්ද මේ ක්ෂේත‍්‍රයේ ප‍්‍රසිද්ධයි. එසේ තිබියදී මේ ආකාරයේ තත්වයක් අහම්බයක් නිසා සිදුවන්නට නොහැකියි.
ඇය ගැන විස්තර සොයා යාමේදී මේ බෝතල් 10000 ගන්න ඇයට සාධාරණ හේතුවක් තිබුණ බව දැන් එළිව තිබෙනවා. ඒ ගැන දැනගෙන පත්තරකාරයින් ඇයගේ නිවස සොයාගොස් ඇති බවත් ඉදිරි දින කිහිපයේ මේ කතාවේ ඇත්ත නැත්ත හෙළි කරන්නට යන බවත් දැනගන්නට ලැබෙනවා.