පාසලේ අයිටී ලැබ් එකේදී සිසුවියට අතවර කරන කොම්පියුටර් සර්

කටුවන ප‍්‍රදේශයේ ජාතික පාසලක  වයස අවුරුදු 15 ක පාසල් ශිෂ්‍යයා වකට වරින්වර ලිංගික අතවර  සිදුකළ එම පාසලේ 29 හැවිරිදි පරිගණක ගුරුවරයෙකු තංගල්ල කාන්ත හා ළමා කාර්යංශය මගින් පසුගිය 10 වනදා අත්අඩංගුවට ගත්තා. මහල් තුනකින් යුතු පාසල් ගොඩනැගිල්ලේ

දෙවන මහලේ පිහිටා තිබෙන  පරිගණක කාමරයේදී
මෙම පරිගණක ගුරුවරයා විසින් පසුගිය වසරේ අපේ‍්‍රල් මාසයේ සිට මේ දක්වා මෙකී ශිෂ්‍යයාව පාසල් කාලය තුළ විටින් විට අවස්ථා කිපයකදී අතවරයට ලක් කර ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් තංගල්ල කාන්තා හා ළමා කාර්යංශය වෙත පෙත්සම් කීපයක්ද ලැබී ඇති අතර අදාල පරිගණක ගුරුවරයා වයස අවුරුදු 29 ක් එක්දරු පියෙකු බව අනාවරණයවී ඇත.
ඔහු විවාහව ඇත්තේද ගුරුවරියක සමගය.

මෙම පරිගණක ගුරුවරයා ප‍්‍රදේශයේ පුද්ගලික පරිගණක පංති කීපයක්ද පවත්වාගෙන යන ප‍්‍රකට නමක් දිනූ අයකු බවද වාර්තා වනවා.ඔහු පසුගිය 11 වනදා වලස්මුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

අම්බලන්තොට-අජිත්

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්