සල්මන්ගේ නංගී අර්පිතාගෙ විවාහය මහ ඉහලින්

බොලිවුඩයේ සුපිරි නළු සල්මන් කාන්ගේ නැගණිය අර්පිතා කාන් ඇගේ දීර්ථ කාලීන පෙම්වතා සමග අද යුගදිවියට එළැඹෙනවා. සල්මාන් කාන් අතිශය ආදරය කරන මෙම නැගණිය වෙනුවෙන් මංගල්‍යයේ සම්පූර්ණ වියදම දරන අතර එය ඉන්දියානු රුපියල් කෝටි 8 ක් බව කියැවුණා.

මෙම මංගල්‍යයේ ආරාධනා පත‍්‍රය පවා රන් ආලේපිත බවත් හයිද්‍රාබාද්හි තරු පහේ හෝටලයක් අද සහ හෙට මංගල්‍යය වෙනුවෙන් වෙන් කර ඇති බවත් කියැවුණා.
මේ සඳහා බොලිවුඩයේ ඉහළින් වැජඹෙන සියලූම තාරකාවන්ට ඇරයුම් යවා ඇත.මේ අතර ඉන්දියානු අගමැති මෝදිද මෙහි විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස මෙයට එක්වන්නට නියමිතව සිටි නමුත් ඊයේ වාර්තාවූයේ හදිසි නිල රාජකාරියක් නිසා අද පැවැත්වෙන මංගල්‍යයට අගමැතිවරයා එන්නේ නැති බවයි.

මෙම මංගල්‍යය වෙනුවෙන් අර්පිතාට සල්මන්ගෙන් පිදෙන තිළිණය ඉන්දියානු කෝටි 16 ක් වටිනා අපාර්ට්මන්ට් එකකි. සල්මන් ඔහුගේ සහෝදරයින් දෙදෙනෙකුගේ විවාහයන් වෙනුවෙන්ද තිළිණ ලෙස පිරිනැමූයේ මෙවැනි නිවාසයි.
අද හා හෙට පැවැත්වෙන චාරිත‍්‍රවලින් පසුව ලබන සිකුරාදා දෙවැනි ගමන මංගල සාදයක්ද මේ වෙනුවෙන් ලකලෑස්තිකර ඇත.









Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල