මෝදිගෙන් නේපාල රජයට ශ‍්‍රී මහා බෝධි ශාඛාවක්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලූම්බිණියේ මායාදේවි විහාරයේ රෝපණය කිරීම සඳහා ශ‍්‍රී මහා බෝධි ශාඛාවක් නේපාල රජය වෙත පරිත්‍යාග කර ඇත.

මෙම බෝධි ශාඛාව රෝපණය කිරීම ලබන 28 වැනිදා සිදු කෙරෙනු ඇත.

බුද්ධගයාවේ ශ‍්‍රී මහා බෝධියේ ශාඛාවක් මෙසේ නේපාලයට පරිත්‍යාග කර ඇත. ඉන්දියාවේ හා නේපාලයේ බෞද්ධ උරුමය සංකේතවත් කිරීම සඳහා මෙම පරිත්‍යාගය සිදු කර ඇත.

18 වැනි සාර්ක් සමුළුවට සහභාගි වීම සඳහා නේපාලයට පැමිණි ඉන්දීය අගමැතිවරයා මේ පරිත්‍යාගය සිදු කර ඇත.

ගෞතම බුදුන්වහන්සේ උත්පත්තිය ලැබූ ස්ථානයේ ඉදිකර ඇති විහාරය මායාදේවි විහාරයයි.

චතුර පමුණුව

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට