ඉන්දියාවේ රෝහිත් ෂර්මා 264 එක්දින වැඩිම ලකුණු වාර්තා තබමින් ලංකාව කාපු කෑම
එක්දින තරග ඉතිහාසයේ තනි පිතිකරුවෙකුගේ වැඩිම ලකුණු ප‍්‍රමාණය (264) ලබාගන්නට ඉඩහරිමින් ලංකාව ඊයේ ඉන්දියාවට එරෙහිව දැවැන්ත ක‍්‍රිකට් පරාජයක් අත්කරගත්තා.
ඉන්දියාවේ ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා මෙම වාර්තාව තැබූ අතර
ඉන්දීය පිල ඕවර 50 අවසානයේ කඩුලූ 5කට ලැබූ ලකුණු 404 හඹාගිය ශ‍්‍රී ලංකා පිල ඕවර 43.1 තුළ ලකණු 251කට දැවී ගියා.
ශ‍්‍රී ලංකා පිල වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 75ක්ද ලහිරු තිරිමාන්න ලකුණු 59ක් ද ලබාගැනීම හැරුණු විට සෙසු පිතිකරුවන් දුර්වල
පිතිහරඹයක් පෙන්නුම් කළා.
රොහිත් ෂර්මා ඉන්දීය පිල කාසියේ වාසිය ලැබිමෙන් පසු ආරම්භක පිතිකරු ලෙස පිටියට පැමිණ ඉනිමේ අවසන් පන්දුවේදී දැවී යනවිට එක්දින පිටියේ වැඩිම පෞද්ගලික ලකුණු ලාභියා වෙමින් පන්දු 173 ක් තුළ 4 පහර 33 ක් හා 6 පහර 9 ක් සමගින් ලකුණු 264 ක් ලැබුවා.
ඊඞ්න්ගාඞ්න් පිටියට වසර 150 ක් සැමරුණු ඊයේ දිනයේ 27 හැවිරිදි දකුණත් පිතිකරු රෝහිත් ෂර්මා වාර්තා පොතට ඇතුළත් වීමද විශේෂත්වයකි.
මීට පෙර 2011 දී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව විරේන්ද්‍ර සෙවාග් වැඩිම
එක්දින ලකුණු ප‍්‍රමාණය වූ ලකුණු 219 ඊයේ අබිබවා ගිය ෂර්මා මීට පෙරද 2013 නොවැම්බර් 2 දා ඔස්ටේරලියාවට එරෙහිව ලකුණු 209 ක් ලබා තිබිම නිසා එක්දින පිටියේ ද්විත්ව ශතක දෙකක් ලැබූ එකම පිතිකරු බවට පත්වීමටද ඊයේ සමත් විය. රොහිත් ෂර්මා එක්දින පිටියේ පෞද්ගලික ඉනිමක වැඩිම හතරේ පහර සංඛ්‍යාව වූ හතරේ පහර 33ක් ලැබිමද කැපී පෙනුනි.
මෙම තරගාවලියේ ලකුණු 400 සීමාව ඉක්ම වූ ඉන්දීය පිල මේ වනවිට එක්දින පිටියේ 400 සීමාව 5 වරක් ඉක්මවා තිබිමද විශේෂිතය.
ඉනිමේ 5 වැනි ඕවරයේ එනම් ශාමින්ද එරංග යැවූ ප‍්‍රථම ඕවරයේ ෂර්මා ලකුණු 4 ක ලබා සිටියදී දුන් පහසු උඩ පන්දුව අතහැරීමේ වාසිය උපරිම නෙළාගත් රොහිත් ෂර්මා ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන්නේ තම ඉනිමට 4 පහර 33 ක්ද 6 පහර 9 ක්ද එක්කරමිනි.
තෙවැනි කඩුල්ලට නායක විරාට් කෝලි සමගින් ලකුණු 202 ක සබඳතාවක් ෂර්මා පැවැත්වූ අතර කෝලි ලකුණු 66 ක් ලබා සිටියදී දුවද්දී දැවීයාමට හසුවිය. නැවතත් රොබින් උත්තජයා සමගින් ලකුණු 128 ක සබඳතාවක් පැවැත් වූ ෂර්මා අවසන් පන්දුවේදී දැවී ගියේ කුලසේකරගේ පන්දුවක් හමුවේ මහේල ජයවර්ධන වෙත උඩපන්දුවක් ලබාදෙමිනි.
පිළිතුරු ඉනිමේදී ලංකාවේ සියල්ලන් එක්ව ගත් 251 රොහිත් ෂර්මාගේ ලකුණු 264 ගණන අභිබවා නොයාම විශේෂිතය.
වැඩිම ලකුණු තරග වාර්තා සහ ඊයේ තරගයේ ලකුණු සටහන පහතින්