ලෝක වැසිකිලි දිනය සමරන්න කේක් ගෙඩියක්
විවිධ අකාරයේ සැමරුම් දින ගැන අසා ඇතත් ලෝක වැසිකිලි දිනයක් ගැන ඔබ අසා තිබෙනවාද?
ඉන්දියාවේ දියුණු නගර කෙතෙක් තිබුණත් තවමත් මහා මාර්ග අවට හා නගරවල වැසිකිලි භවිතා නොකර ශරීර කෘත්‍යයන් සිදුකරන පුද්ගලයන් දැකිය හැකිවේ. මෙම අවභාවිතාව නතර කරන්නට කියාදෙන දිනයක් ලෙස මෙය සැමරේ.
වැසිකිලි භාවිතයේ ඇති වැදගත් කම පුද්ගල සෞක්යට බලපාන ආකාරය පිලිබදව මිනිසුන් දැනුවත් කිරීම හා වැසිකිලි නොමැති නිවාස සදහා වැසිකිලි සාදා දීමේ වැඩසටහන් නිරතුරුව ඉන්දියාවේ සිදුකරන්නට සිදුව ඇත.
සුලාබ් ඉන්ටර්නැෂනල් නම් ඉන්දියානු රාජ්‍ය නොවන සංවිධානයද ඉන්දියාව තුල වැසිකිලි සැදීමේ කර්තව්‍යකට අත ගසා ඇත.
ලෝක වැසිකිලි දිනය යෙදී තිබුනේ පසුගිය නොවැම්බර් 19 වනදාය. සුලාබ් ඉන්ටර්නැෂනල් විසින් මෙම දිනය සැමරීම සදහා කිලෝග්‍රෑම් 700ක බරින් යුත් ඉන්දියාවේ භාවිතා වන ආකාරයේ වැසිකිලියක හැඩය ගත් කේක් ගෙඩියක් නිර්මාණය කර තිබූ බවද ඉන්දියානු මාධ්‍ය වාර්තා කළා.
ඒ සම්බන්ධ වීඩියෝ වාර්තාව පහතින්