ගෝල්ෆේස් එකේ ප‍්‍රසිද්ධ දොරටුපාල මියයයි

ගාලූ මුවෙදාර හෝටලයේ දොරටුපාල වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කළ කොට්ටරපට්ටු චට්ටු හෙවත් කුට්ටන් මහතා ඊයේ අභාවප‍්‍රාප්ත විය.
1920 දී ඉන්දියාවේ කේරල ප‍්‍රාන්තයේ උපත ලැබූ ඔහු 1938 දී නිවසක සේවය කිරීම සඳහා ලංකාවට පැමිණ ඇත.

1942 වසරේ දී හෙතෙම අත් උදව්කරුවෙකු වශයෙන් ගාලූ මුවෙදාර හෝටලයේ සේවයට සම්බන්ධ වී තිබේ.

අනතුරුව භෝජනාගාර සේවකයෙකු ලෙසින් කටයතු කළ ඔහු පසුකාලීනව දොරටුපාල වශයෙන් පත් විය’
වසර 70කට අධික කාලයක් ගාලූමුවදොර හෝටලයේ ඔහු සේවය කර ඇත.
මේ දක්වාම ගාලූ මුවෙදාර හෝටලයේ දොරටුපාල වශයෙන් කටයුතු කළ කුට්ටන්ගේ ඡයාරූපත්, ඔහු සම්බන්ධ ලිපිත් දෙස් විදෙස් රටවල සඟරාවලට ඇතුළත් විය.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට