හියුස් මියයාමෙන් පසු පන්දු යැවූ ඇබට් උමතුවෙන්
පසුගියදා ක්‍රිකට් පිටියේ සිදුවූ මාරාන්තික අනතුර නිසා මියගිය ඕස්ටේ්රලියානු ක්‍රීඩක
පිලිප් හියුස්ට රට අභ්‍යන්තර තරගයකදී එම මාරාන්තික පන්දුව යවා තිබුනේ 22 හැවිරිදි සීන් ඇබට් විසිනි.
දක්ෂ පන්දු යවන්නෙකුවූ ඔහු මෙම බවුන්සරය යැවීම නිසා අත්කරගත්තේ අනපේක්ෂිත තත්වයකි. ඔහු සිතා මතා
පිලිප්ට හානි නොකළත් මේ සිද්ධිය ඔහු කම්පනයට පත් කර ඇත. සිද්ධියෙන් අනතුරුව පිලිප් කොමා තත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබද්දී මේ සම්බන්ධයෙන් සමාව ගන්නට ඇබට් සිඞ්නි නුවර ශාන්ත වින්සන්ට් රෝහලට ගොස් තිබුණ අතර පිලිප්ගේ සොයුරිය මෙගන් හමුවී සමාව අයැද තිබුණා . ඕස්ටේ්රලියානු ක්‍රිකට් බලධාරීන්ද ඇබට් අස්වසන්නට දැඩි උත්සාහයක නිරත වුවත් මේ වනවිට ඔහු උමතු ස්වරූපයක් දක්වන බව එරටින් ලැබෙන ආරංචි හෙළි කරනවා.
අද වන විට හියුස් දැවී අළු වී ගිය පන්දුව යැවූ ඇබට්ද සිහි විකල්ව දොඩවන තත්ත්වයට ඔහුගේ මනස විකෘති වී ඇතැයි වාර්තාවලින් කියැවේ. ‘එය බවුන්සරයක් නොවී යෝකර් පන්දුවක් වුණා නම් හොඳයි නේද’ යනුවෙන් විකලයෙන් ඇබට් දොඩවන බවත් කියැවුණා.
මෙම සිද්ධිය ගැන අදහස් දක්වන ක්‍රිකට් විචාරකයින් පවසන්නේ මෙම කම්පනය ඇබට්ගේ ක්‍රිකට් දිවිය නිම කරන්නටද හේතුවක් විය හැකි බවයි. එය සනාථ කරමින් බීබීසිය වෙත අදහස් දක්වා තිබෙන ඬේවිඞ් ලෝරන්ස් නමැති එංගලන්ත පන්දු යවන්නා කියා තිබෙන්නේ මෙවැනි සිද්ධියකින් පසු ක්‍රිකට් ක්‍රීඩාව හරියාකාරව කිරීමට තමාටද නෙැහැකිවූ බවයි. ඔහු බටහිර කොදෙව් ක්‍රීඩක ෆිල් සිමොන්ස්වද දැඩි ආබාධ තත්වයට පත්කරවන පන්දුවක් 1988දී යවා තිබුණි.
දැන් සීන් ඇබට්ද මානසික ලෙඩෙකු බවට පත්ව ඇත.
ඊයේ දිනයේ ලොව පැවැති ක්‍රිකට් තරග සියල්ලක්ම නවත්වන්නට තරම් හියුස් ජීවිතයෙන් සමුගත් පුවත බලපෑම් කර තිබුණි.